Wednesday, May 8, 2024

17 වසරක් සපිරෙන රැදුරැ සුනාමි ඛෙිදවාචකය

වසර 17 කට පෙර එනම් 2004 දෙසැම්බර් 26 වැනිදා සිදුවූ සුනාමි ව්‍යසනයෙන් ශ්‍රී ලංකාවේ මියගිය අය සැමරීම සඳහා දෙසැම්බර් 26 ජාතික සුරක්ෂිත දිනය ලෙසින් නම් කර ඇති අතර එදින ඔවුන් අනුස්මරණය කිරීමේ ප්‍රධාන උත්සවය පෙරවරු 8.30 සිට 10.30 දක්වා හික්කඩුවේ පැරෑලියේ සුනාමි ස්මාරකය අසලදී පැවැත්වේ. ශ්‍රී ලංකාවේදී සුනාමි අනතුරින් මිය ගිය සංඛ්‍යාව 31229ක් වන අතර අතුරුදන් සංඛ්‍යාව 4100කි. මිනිසුන් 516150ක් එහිදී අවතැන් විය. දිස්ත්‍රික්ක 14ක් සුනාමියට ගොදුරු වූ අතර කෝටි ගණනක් වටිනා පොදු දේපළද නිවාස 250000ක්ද පැයක් වැනි කාලයකදී රටට අහිමි විය.

රිච්ටර් මාපකයේ 9.1 -9.3 අතර සටහන් වූ මේ සුනාමිය රකුසකු ලෙස රටවල් රැසකට කඩා වදිද්දී ඉන් ගැලවීමට විශාල ජනසමූහයකට නොහැකි විය.

මෙම බලගතු සුනාමියෙන් මෙරට 30,000කට අධික ජනකායක් මරුමුවට පත් වූ අතර අම්පාර ප‍්‍රදේශයේ පමණක් 10,000කට අධික පිරිසක් මියගිය බව වාර්තාවේ. සුනාමිය මුහුදු වෙරළින් රට තුළට කඩා වැදීමෙන් මගීන් 1700ක් රැගත් දුම්රිය ද ගොදුරු විය.

සුනාමියෙන් 4093ක් අතුරුදන් වූ අතර 21141ක් තුවාල ලැබූහ. ඇමෙරිකානු රජය දියාගෝ ගාර්ෂියාවේ සිට නැව් තුනක් සහ මැරයින් භටයන් 2000ක් ශ‍්‍රී ලංකාවේ නිරිත දිග වෙරළට එවනු ලැබීය.

මෙම මැරයින් බලකායට මුහුදේ සිට ගොඩබිමට පැමිණිය හැකි විශේෂ වූ රථ ද අයත් විය. කොළඹ සිට ගාල්ල වෙත ධාවනය වූ දුම්රිය අම්බලන්ගොඩදී නතර කර ගැනීමට බලධාරීන් උත්සාහ කළත් ඒ වනවිට දුම්රිය පිටත්ව තිබුණි. මෙම සුනාමියට මුල්වූයේ දෙසැම්බර් 26 වැනිදා ඉන්දුනීසියානු වේලාවෙන් 7.58ට සිදු වූ බරපතල භූචලනයයි.

ඉන්දුනීසියාව අසල පෘථිවිය තල හා ඉන්දීය කලාපයේ තල එකිනෙක ගැටීමෙන් සිදු වූ මෙම භූචලනය ගැන ඇමෙරිකානු භූ චලන ආයතනය අනතුරු අඟවා තිබුණත් ඉන්දුනීසියානු සාගරයේ පිහිටි රටවල් රැසක් සඳහා අනතුර ගැන දැන්වීමට නොහැකි විය. මේ භූචලනය විනාඩි 8 ත් 10ත් අතර පැවැති බව වාර්තා විය.

එසේම ඉන් ඇති වූ සුනාමියේ බලය ඇමෙරිකාව විසින් හිරෝෂිමාවට දැමූ පරමාණු බෝම්බය මෙන් 1808 වරක් බලසම්පන්න බව සාගර විද්‍යාඥයෝ හෙළි කළහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles