Saturday, April 27, 2024

සෞදියේ සෙල්ලම් දැමූ පකිස්තානුවන් පස්දෙනෙකු අත්අඩංගුවට.

සෞදි අරාබිය තුළ මුදල් විශුද්ධිකරණ කටයුතුවල නිරත වූ පකිස්තාන ජාතිකයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

විදෙස් වාර්තා සදහන් කළේ, සෞදි අරාබියෙන් විශාල විදේශ මුදල් තොගයක් පිටමං කිරීමට උත්සහ දැරීමේදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

සෞදි අරාබිය තුළ විදේශ මුදල් ජාවාරම් සිදුකරන පිරිස අතර පකිස්තානුවන් ප්‍රධාන වන බවත් ඔවුන් විසින් මෙම ජාවාරම සිදුකිරීම රටට හිසරදයක් වී ඇති බවත් සෞදි ආරක්ෂක බලධාරීන් සදහන් කර තිබේ.

මේ අතර සෞදි අරාබිය තුළ සෞදි රියාල් මිලියන 35 කට අධික ප්‍රමාණයක් වංචා කිරීමේ චෝදනාව මත පසුගිය අප්‍රේල් මාස⁣යේදී ද පකිස්තාන ජාතිකයන් 24 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබිණ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles