Thursday, May 2, 2024

2017 කන්ස්ට්‍රක්ෂන් එක්ස්පෝ හි දී Sirocco Air Technologies සාර්ථකත්වය නැවත තහවුරු කරයි

Construction Expo 2017’ ඉතා සාර්ථක ලෙස පැවැත්වුණි. සැපයුම්කරුවන්ට තමන් සතු නිෂ්පාදන ඉදිරිපත් කිරීමට සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා පිළිබඳව උනන්දුවක් දක්වන සියලුම දෙනාට මේ අවස්ථාව ඉතා වැදගත් විය. මහජනතාව අතර ඉදිකිරීම් ක්ෂේත්‍රය පිළිබඳව ඇති උනන්දුව කොතරම්ද යන වග මේ අවස්ථාවේ දී ඉතා පැහැදිලි විය.

දේශීය ව්‍යාපාර ආයතන සියල්ලම පාහේ Construction Expo හා සම්බන්ධ වීමට දැඩි උනන්දුවක් සහ කැමැත්තක් දක්වන ප්‍රධාන හේතුව නම් මෙය මෙරට පැවැත්වෙන විශාලතම ඉදිකිරීම් ප්‍රදර්ශනය බව සියලු දෙනාගෙම පිළිගැනීමට ලක්වී තිබීමයි.

ශ්‍රී ලංකවේ වඩාත් අත්දැකීම් සහිත වාතාශ්‍ර (Ventilation ) විසඳුම් සම්පාදකයා වන Sirocco Air Technologies මේ ප්‍රදර්ශනය හා සම්බන්ධ වූ ප්‍රථම අවස්ථාව මෙයයි. තම ව්‍යාප්ත වූ නිෂ්පාදන පෙළ පාරිභෝගිකයන් වෙත ඉදිරිපත් කරමින් පැවැත්වුණ වෙළෙඳ කුටිය වෙත 500කට අධික පිරිසක් පැමිණ තිබුණි.

Construction Expo 2017 හි තම වෙළෙඳ කුටිය පිළිබඳව අදහස් ප්‍රකාශ කරමින් Sirocco සමූහ ව්‍යාපාරයේ කළමනාකර අධ්‍යක්ෂ සුරේන් චන්ද්‍රරත්න මහතා, ‘Construction Expo 2017 හි අපේ පළමු සහභාගීත්වය ඉතාමත් සාර්ථකයි. සහභාගීවූවන් බොහෝ දෙනකුගේ අවධානය අප වෙත යොමු වුණා. බොහොමයක් ව්‍යාපාරික අවස්ථා පවා උදාවුණා.

ලොව සුපතල ස්පාඤ්ඤයේ කසාල්ස් (Casals) සමාගම වැනි ජාත්‍යන්තර වශයෙන් නමක් දිනා සිටින වාතාශ්‍ර (ventilation) විසඳුම් සැපයුම් සමාගම් මේ ප්‍රදර්ශනයට සම්බන්ධ වූ අතර, ඔවුන්ගේ අවධානය ද අප වෙත යොමු වුණා. ඕනෑම අවශ්‍යතාවයක් සම්පූර්ණ කළ හැකි Sirocco නිෂ්පාදන පිළිබඳ සියලුම දෙනා දැනුම්වත් කිරීමට මේ අවස්ථාව ප්‍රයෝජනවත් වුණා’ යැයි පැවැසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles