Friday, May 3, 2024

තොණ්ඩමන් ශල්‍යකර්මයකට ඇමරිකා යයි

ලංකා කම්කරු කොංග්‍රසයේ මහාලේකම් නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්ඩමන් මහතා පාර්ලිමේන්තුවෙන් මාස තුනකට නිවාඩුවක් ලබා ගෙන ඇත්තේ ඔහුගේ දකුණු අතේ ශල්‍යකර්මයක් සිදුකිරීමට බව ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රකාශකයෙකු පැවසුවා. ඉකුත් වසරේ තොන්ඩමන් මහතා ඉතාලියේ  පෞද්ගලික සංචාරයක නියලි අවස්ථාවේ වැටී දකුණු අතේ බාහුවක අස්ථි බිදීමක් හේතුවෙන් තොණ්ඩමන් මහතා ඇමරිකාවේ පෟද්ගලික රෝහලක ප්‍රතිකාර ලබා එම දකුණු අත ආරක්‍ෂිතව  ආවරණය කර ගනිමින් දැඩි වේදනාවකින් යුක්තව දේශපාලන කටයුතුවල නියලී සිටියා. පසුගිය දිනවල තොණ්ඩමන් මහතාගේ ලංකා කම්කරු කොංග්‍රසයේ බිඳවැටීමත් මෙවැනි අනතුරු සිදුවීමත් හේතුවෙන් ඉන්දියාවේ මලයාලම් පුජකවරුන් හැටන් කොටගල ලංකා කම්කරු කොංග්‍රසයට කැඳවා විශේෂ පුජාවන් කිහිපයක්ද පවත්වනු ලැබුවා. තොණ්ඩමන් මහතාගේ දකුණු අතේ සිදුකළ ශල්‍යකර්මය නැවත වරක් සිදුකිරිමට ඔහු මේ වන විට ඇමරිකාවට ගොස් ඇති අතර ශල්‍යකර්මයෙන් පසු ඔහු ඉන්දියාවේ ඔහුගේ නිවසට පැමිණ මාස තුනක කාලයක් විවේක ගැනිම සඳහා පාර්ලිමේන්තුවෙන් නිවාඩු ලබා ගත් බවයි ලංකාකම්කරු කොංග්‍රසයේ ආරංචි මාර්ග සඳහන් කළේ. තොණ්ඩමන් මහතා දිවයිනෙන් බැහැරව සිටින කාලය තුළ එම පක්ෂයේ වැඩ කටයුතු එම පක්ෂයේ නායක නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුත්තුසිවලිංගම් මහතා විසින් සිදුකරනු ඇත. lakbima

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles