Wednesday, May 1, 2024

බැසිල්ට රාජ්‍ය සේවකයන් රටට බරක් කියා කියැවුනේ වැරදීමකින්ලු

මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලයේ කඳවා තිබූ රැස්වීමකට මැති ඇමතිවරු කිහිප දෙනෙකු එක්වී සිටි අතර  ඇමැතිවරයා ‘‘අපිට මේ ආර්ථිකය කළමනාකරණය කර ගන්න පුළුවන්. හැබැයි තියෙන ප්‍රශ්නේ තමයි මේ ඩොලර්. ඕගොල්ලන්ට මේකට මොකක් හරි උත්තරයක් තියෙනවාද?‘‘ යනුවෙන් විමසා ඇත. 

බැසිල්ගේ අනපේක්ෂිත ප්‍රශ්නයෙන් රැස්ව සිටි පිරිස මූණට මූණ බලා ගෙන තිබේ ‘‘ මේ කොවිඩ් ප්‍රශ්නේ නිසා සංචාරක කර්මාන්තය නම් ගොඩගන්න පුළුවන් වෙයි කියලා හිතන්න අමාරුයි. ඒ නිසා අපි තේ, පොල්, රබර් වගේ වගාවන් වර්ධනය කරගෙන ඒකෙන් ඩොලර් ටිකක් වැඩියෙන් හොයා ගන්න බලන්න ඕන. ඒ වගේම තමයි ඉස්සන් වගාවන්ගෙනුත් අපිට හොඳ ආදායමක් ගන්න පුළුවන් වෙයි කියලා අපේ විශ්වාසක් තියෙනවා. ‘‘යනුවෙන් මුදල් අමාත්‍යවරයා පවසා ඇත.

මේ අතර රාජ්‍ය සේවකයන් රටට බරක් යැයි පසුගිය දා බැසිල් කී ආන්දෝලනාත්මක කතාවටද මෙහිදී ඔහු පිළිතුරු දී තිබුණි. ‘‘දැන් මට අර පහුගිය දවසක කියවුණානේ රාජ්‍ය සේවකයන් රටට බරක් කියලා. ඇත්තටම ඒක මම එහෙම තේරුමක් ඇතුව කියපු එකක් නෙවෙයි. මට මේ පොඩි වචන පැටලීමක් තමයි එතැන වුණේ. දන්නවානේ ඉතිං කතා බහ කරනකොට මිනිස්සුන්ට වචන පැටලවෙන එක සාමන්‍ය දෙයක් නේ. මමත් කැමැතියි රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි කරන්න. ඒත් ඉතිං වැටුප් වැඩි කළොත් මේ තියන ප්‍රශ්න තවත් වැඩි වෙනවා. ‘‘බැසිල් සිනා මුසු මුහුණින් කිව්වාලු. 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles