පාකිස්තානයට තවත් ජයක්

0
298

T20 ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි 12 වටයේ නවසීලන්තය සහ පාකිස්තානය අතර පැවැති තරඟය කඩුලු 5කින් ජයගැනීමට පාකිස්තාන කණ්ඩායම අද (26) සමත් විය.

තරඟයේ කාසිය වාසිය දිනූ පාකිස්තාන කණ්ඩායමේ නායකයා පළමුව පන්දුවට පහරදීමට නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කළේය.

ඒ අනුව, නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 134ක් ලබා ගත්තේය.

එහිදී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් ඩැරල් මිචෙල් සහ ඩෙවොන් කොන්වේ ලකුණු 27 බැගින් රැස් කළහ.

පන්දු යැවීමේදී හරිස් රවුෆ් කඩුලු 4ක් දවාගත් අතර මොහොමඩ් හෆීස්, ඉමාඩ් වසීම් සහ ෂහීන් ෂා අෆ්රිඩි එක් කඩුල්ල බැගින් දවාගත්තේය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 4ක් තුළ ජයග්‍රහණය වාර්තා කිරීමට හැකිවිය.

එහිදී පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් රිස්වාන් ලකුණු 33ක් රැස් කළ අතර අසිෆ් අලි නොදැවී ලකුණු 27ක් රැස් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here