දිමුත් වසරේ ටෙස්ට් ක්‍රීඩක සම්මානයට නිර්දේශ වෙයි

0
453

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායක දිමුත් කරුණාරත්න අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ වාර්ෂික සම්මාන උළෙලේ වසරේ ටෙස්ට් ක්‍රීඩකය සම්මාන සඳහා නිර්දේශ වී තිබේ.

නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක කයිල් ජෙමියිසන්, ඉන්දීය දඟ පන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අෂ්වින් සහ එංගලන්ත පිතිකරු ජෝ රූට් මෙම සම්මානය සඳහා නිර්දේශව සිටින සෙසු ක්‍රීඩකයෝ වෙති.

සෑම වසරකම ICC විසින් පිරිනමන මෙම සම්මානය මීට පෙර ලබාගත් එක ම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන්නේ කුමාර් සංගක්කාර පමණයි.

ඔහු 2021 වසරේ දී වසරේ විශිෂ්ටතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය හිමි කරගත්තා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here