ක්‍රිකට්වලට නව නීතියක් ගෙනෙමින් පන්දුවේ කෙළ ගෑම ස්ථිරවම තහනම් කරයි

0
688

ක්‍රිකට් ක්‍රීඩාවට අදාළව සංශෝධනය කල නව නීති සඳහා එම්.සී.සී හෙවත් මැරිලිබෝන් ක්‍රීඩා සමාජයේ අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ අනුව ලබන ඔක්තෝබර් පළමුවනදා සිට එම නව නීති බලාත්මක වනු ඇති.

මේ යටතේ මේ දක්වා අපකීර්තිමත් දවාගැනීමක් ලෙස නම් කර තිබූ මැන්කාඩ් දැවීයාම සඳහා නිසි පිළිගැනීමක් හිමිවනවා.

පන්දු යවන්නා විසින් පිතිකරු වෙත පන්දුව යොමු කිරීමේදී පන්දු යවන්නාගේ අන්තයේ සිටින පිතිකරු රේඛාවෙන් ඉදිරියට පැමිණ සිටියේ නම් දවාගැනීමයි මැන්කාඩ් දැවීයාම ලෙස ප්‍රචලිතව පවතින්නේ.

මේ අතර කොවිඩ් වසංගතයත් සමග හඳුන්වාදුන්, පන්දුව ඔප දැමීම සඳහා ඛේටය භාවිත කිරීම තහනම් කිරීම ස්ථිරවම ක්‍රියාත්මක කිරීමටද අනුමැතිය ලැබී තිබෙනවා.

ඛේටයට අමතරව මින්ට් වැනි ද්‍රව්‍ය භාවිතයද ලබන ඔක්තෝබර් 01 වනදා සිට තහනම් වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here