Saturday, April 27, 2024

නොරොච්චෝලේ බලාගාරයේ බිඳවැටීමක්…

නොරොච්චෝලේ බලාගාරයේ පළමු ඒකකයේ බිඳවැටීමක් සිදුව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා සිටියි.

අමාත්‍යවරයා එහි සදහන් කර ඇත්තේ  නොරොච්චෝලේ බලාගාරයේ පළමු ඒකකයේ බිඳවැටීමක් සිදුව තිබෙන බවත් දෝෂය හඳුනා ගැනීමට තාක්ෂණික කාර්ය මණ්ඩලය මේවන විට කටයුතු කරමින් සිටින බවත් ය.

එමෙන්ම බලාගාරයේ දෙවන ඒකකය නියමිත නඩත්තු කටයුතු සිදු කරමින් පවතින බවත් බලාගාරයේ තුන්වැනි ඒකකය අඛණ්ඩව ක්‍රියාත්මක වන බව අමාත්‍යවරයා පවසයි.

විදුලි සැපයුම කළමනාකරණය කිරීම සඳහා බටහිර වෙරළ සහ අනෙකුත් ඉන්ධන බලාගාර භාවිතා කරමින් සිටින බව වැඩිදුරටත් එම නිවේදනයේ සඳහන් වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles