Friday, April 26, 2024

චීන හමුදාව ඉන්දීය දේශසීමාව උල්ලංඝනය කිරීමේ යටිඅරමුණක් හෙළි වෙයි.

චීන හමුදාව ඉකුත්දා ඉන්දීය දේශසීමාව උල්ලංඝනය කළේ හුදෙක් එරට ජනාධිපති සී ජින්පින්ගේ භු දේශපාලන උපක්‍රමයක් සදහා පමණක්ම නොවන බව Times of Israel පුවත්පත වාර්තා කරයි.

එමගින් චීනය අපේක්ෂා කරන්නේ ටිබෙටයේ බුද්ධාගමට සහ අධ්‍යාත්මිකත්වයට බලපෑම් කිරීම බව එම පුවත්පත පෙන්වා දෙයි.

චීන හමුදාව දේශසීමා උල්ලංඝනය කරමින් ඉන්දියාවේ අරුනාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ ටවාන්ග් ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සහ කළා.

ඉන්දියාව එම ප්‍රහාරයට සාර්ථකව මුහුණ දුන්න ද එමගින් ටිබෙටයේ බෞද්ධ ආගමට බලපෑමක් එල්ල වනු ඇතැයි Times Of Israel පවසයි.

ඊට හේතුව වන්නේ මීළඟ දලෙයි ලාමා තුමාගේ පුනරුත්පත්තිය එම ප්‍රාන්තයේදී සිදුවිය හැකි බවට විශ්වාසයක් තිබීමයි.

එමෙන්ම චීන පාලනයෙන් තොරව පවතින ටිබෙටයේ බෞද්ධ ආගමට අයත් දෙවන විශාලතම ආරාමය ද ටවාන්ග් හො පිහිටා තිබේ.

1681 වසරේදී ස්ථාපිත කර ඇති බව පැවසෙන එම ආරාමය සැලකෙන්නේ ටිබෙටයේ අනාගතය තීරණය කෙරෙන අභිරහස් ප්‍රහේලිකාවක් ලෙසයි.

එබැවින් ඊට බලපෑම් එල්ල කිරීම තුලින් ටිබෙටයේ බෞද්ධ ආගමට හා අධ්‍යාත්මිකත්වයට මෙන්ම දලෙයි ලාමාතුමන්ගේ පුනරුත්පත්තියට බලපෑම් එල්ල කිරීම චීනයේ අරමුණක් විය හැකි බව එම පුවත්පත පෙන්වා දෙයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles