Friday, April 26, 2024

චීනය ප්‍රහාරක ගුවන් යානා 29 ක් තායිවාන ගුවන් කලාපයට

චීනය විසින් තායිවානයේ ආරක්ෂක ගුවන් කලාපය ඔස්සේ තම ප්‍රහාරක ගුවන් යානා 29 ක බල ඇණියක් පිටත්කර යවා තිබේ.
තායිවාන ගුවන් කලාපය ආක්‍රමණය කරමින් මෙලස චීන ප්‍රහාරක යානා මෙම මාසයේ පියාසර කළ තෙවැනි අවස්ථාව ලෙස සැලකෙයි.

එමගින් ඔවුන් උත්සුක වෙමින් ඇත්තේ තායිවානයේ ස්වාධිපත්‍ය පිළිනොගන්නා බවත් එය තමන්ගේ රටේ පාලනය යටතේ පවතින රාජ්‍යයක් බවත් එත්තු ගැන්වීමයි.
ප්‍රහාරක යානා 17 ක්, බෝම්බ හෙළනු ලබන යාත්‍රා 6 ක් සහ තවත් සහය සපයන යාත්‍රා මෙලෙස තායිවාන ගුවන් සීමාවට පිවිසී තිබිණි.

මෙම අවස්ථාව වනවිට තායිවාන ගුවන් හමුදාව විසින් චීන ගුන් යානා වෙත අනතුරු හඟවා තිබූ අතර චීන යානා සියල්ල තම මිසයිල් විදින මගින් ඉලක්ක ගත කරගෙන සිටි බවද තායිවාන බලධාරීන් පසුව පවසා තිබිණි.

පසුගිය සමයේ චීනය විසින් තායිවානය යළි තම රටට ඈඳා ගැනීමේ අරමුණ සහිතව විවිධ යුධමය බලපෑම් සිදුකර තිබූ අතර වරක් යුද නැව් තුනක් ජපානය අසළ මුහුදේ නුපුරුදු ගමන් මාර්ගයක් ඔස්සේ යාත්‍රාකර තිබුණේය.
මේ අතර දිගින් දිගටම තායිවානය තමන් වෙත ඈඳා ගැනීමට චීනය ගන්නා උත්සාහය හා සිදුකරන බලපෑම හේතුවෙන් දැඩි අසහනකාරී තත්ත්වයක් තායිවානය තුළ’ගොඩනැගී ඇත.

මේ හේතුවෙන් චීනය වෙත පණිවුඩයක් නිකුත් කළ අමෙරිකානු රජය කියා තිබුණේ තායිවානය තැතිගැන්වීමට උත්සාහ නොකරන ලෙසයි.
2016 වසරේ තායිවානයේ බලයට පත් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂය විසින් තනි චීනයක්‘ ප්‍රතිපත්තිය පිළිනොගැනීමට තීරණය කිරීමත් සමඟ චීනය හා තායිවානය අතර දේශපාලනික විරසක භාවයක් ගොඩනැගිණි.

තායිවානය සමඟ විදේශ සම්බන්ධතා ආරම්භ කිරීමට අමෙරිකාව කටයුතු කිරීමත් සමඟ චීනය අමෙරිකකාවටද එලෙස නොකරන ලෙසට අනතතුර හඟවා තිබිණි.
කෙසේ නමුත් අමෙරිකානු සෙනට් සභාව විසින් පසුගියදා ජාතික ආරක්ෂක පනත යටතේ යෝජනාවක් සම්මත කරගත්තේ 2023 වසරේ සිට තායිවානය සමඟ ඒකාබද්ද’යුද පුහුණු කටයුතු සිදුකිරීමට ඉදිරිපත්වන බව පවසමිනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles