Monday, April 29, 2024

Booker සාහිත්‍ය සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් දිනා ගනී.

2022 අන්තර්ජාතික බුකර් සම්මානය ශෙහාන් කරුණාතිලකගේ The Seven Moons of Maali Almeida කෘතිය දිනාගෙන ඇත.

මෙම සම්මානය ඔහු වෙත පුදන ලද්දේ බ්‍රිතාන්‍යයේ තුන්වැනි චාල්ස් රජුගේ බිරිය වන කැමිලා ආර්යාව විසිනි.

ත්‍යාග වශයෙන් බ්‍රිතාන්‍ය පවුම් 50000ක මුදලක් මේ වෙනුවෙන් ලැබී තිබිණි.

බුකර් සම්මානය දෙවැනි වන්නේ සාහිත්‍යය පිළිබඳ නොබෙල් ත්‍යාගයට පමණී. ශ්‍රී ලාංකියෙක් මෙම සම්මානය දිනාගත් දෙවැනි වතාව ලෙස මෙය ඉතිහාසයට එක්වෙයි.
මෙය පිරිනැමෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් ලියා එක්සත් රාජධානියේ සහ අයර්ලන්තයේ ප්‍රකාශයට පත් කරන ලද ප්‍රබන්ධ කෘතියක් සඳහා ය.විනිසුරු මඩුල්ල කරුණාතිලකගේ නවකතාව ප්‍රශංසා කළේ “ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයෙන් වෙළී ඇති මිනීමරු ව්‍යසනය මධ්‍යයේ සකස් කරන ලද දරුණු හාස්‍යජනක උපහාසයක්” ලෙසිනි.

ඔහුගේ පළමු නවකථාව ‘චයිනමන්’ පාඨක අවධානය දැඩිව දිනාගත් කෘතියකි.

සම්මානය හිමිකරගැනීමෙන් අනතුරුව ඔහු සිය කථාව අවසානයේ සිංහල සහ දෙමළ භාෂා වලින් සිය අදහස් කෙටියෙන් පළ කළේය.

” මම මගේ ආදරණීය ශ්‍රී ලාංකිකයන්ට මේක කියන්න ඕන.මේ පොත මම ඕගොල්ලන්ට ලිව්වේ.මේක දිනුමක් රට පරාජය වෙල ඉන්න මොහොතක රටම ලද දිනුමක්.ළඟදි අපි නැමීබියාවටත් පැරදුනා කමක් නෑ.මට මේ පරාජයන් පරදවන්න ආයුධ නෑ.ඒත් කමක් නෑ අපි දැන් කොහොමහරි ලෝක T20 ලෝක කුසලානය දිනාගමු.අපිට බැරිකමක් නෑ ඒක කරන්න. “

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles