Saturday, April 27, 2024

මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වහන්න චීනයෙන් අලුත් වැඩපිළිවෙළක්

චීන කොමියුනිස්ට් පක්ෂය ෂින්ජියැන්ග්, ටිබෙට් සහ මොන්ගෝලියාවැනි ගැටලුකාරී ප්‍රදේශවල සමාජ මාධ්‍ය බලපෑම් කරන්නන් හරහා වඩ වඩාත් සංකීර්ණ ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කරමින් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වසං කිරීමට කටයුතු කරන බව වාර්තා වේ.

ඕස්ට්‍රේලියානු මූලෝපායික ප්‍රතිපත්ති ආයතනය විසින් පසුගියදා ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවක් මගින් මේ බව හෙළි කර තිබේ.

ෂී ජින්පින්ග්ගේ පාලනය යටතේ, චීන කොමියුනිස්ට් පක්ෂයේ වාර්ගික සුළුතර කණ්ඩායම් වෙත එල්ල වන පීඩනය විශේෂයෙන් ෂින්ජියැන්ග්, ටිබෙට් සහ මොන්ගෝලියාවේ හි නරක අතට හැරී ඇති බව ද එහි දැක්වේ.

ෂින්ජියැන්ග් හි මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදු කිරීමේ සම්භාවිතාවක් ඇති බව මෑත එක්සත් ජාතීන්ගේ වාර්තාවක් සොයා ගැනීමත් සමඟ ඊට ගෝලීය හෙළා දැකීම වැඩි වී තිබේ.

මේ අතර අන්තවාදයට එරෙහි වීම සහ දරිද්‍රතාවය පිටුදැකීම බව පවසමින් මිලියන 1 ක ජනතාවක් පුනරුත්ථාපන කඳවුරුවල රඳවාගෙන ආගමික හා සංස්කෘතික ක්‍රියාකාරකම් යටපත් කර ඇති බවට එල්ල වන චෝදනා චීන රජය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles