Friday, April 26, 2024

පකිස්ථානයේ ගැහැනු දරුවන් ආරක්ෂාව අවදානමක.

පකිස්ථානයේ කරච්චි නුවර ක්ලිෆ්ටන් ප්‍රදේශයේ ගංවතුරෙන් පීඩාවට පත්ව සිටින පිරිස් රදවා සිටින කදවුරක් තුළ බාලවයස්කාර ගැහැනු දරුවෙකු සමූහ දූෂණයට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

එම දරුවා වයස අවුරුදු 8 – 9 ත් අතර පසුවන බව ද එම මාධ්‍ය අනාවරණ කර තිබේ.

තරුණයි දෙදෙනෙකු විසින් අදාළ බාලවයස්කාර දැරිය බලහත්කාරයෙන් මෝටර් රථයක නංවා ගෙන රැගෙන ගොස් අපයෝජනයට ලක් කර කදවුරට ආසන්න ප්‍රදේශයක අතහැර දමා ගොස් තිබේ.

අනතුරුව දරුවාගේ අසාමාන්‍ය හැසිරීම හමුවේ ඇගේ මව විසින් අදාල බාලවයස්කාර දැරිය රෝහලකට ඇතුළත් කර ඇත.

එහිදී අනාවරණ වී ඇත්තේ දැරිය අපයෝජනයට ලක්ව ඇති බවයි.

අනතුරුව මව විසින් සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ හා සමාන තවත් සිදුවීමක් ඉකුත් සැප්තැම්බර් මාසයේදී සින්ද් ප්‍රාන්තයේ Sanghar ප්‍රදේශයෙන් වාර්තා වී ඇත.

එහිදී අපයෝජනයට ලක්ව තිබුණේ ගංවතුර සහනාධාර ලබා ගැනීමට ගොස් සිටි දැරියක්.

මත් වන යමක් ලබා දී අනතුරුව ඇයව අපයෝජනයට ලක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles