Monday, May 6, 2024

ඉන්දීය විදේශ ඇමති ලබන මාසයේදී රුසියාවේ සංචාරයක

ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් නොවැම්බර් මාසයේ දී රුසියාවේ මොස්කව් බලා පිටත්ව යෑමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

රුසියාව යුක්රේන ආක්‍රමණය ආරම්භ කිරීමෙන් පසු ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා රුසියාව බලා ගමන් කරනු ලබන පළමු අවස්ථාව මෙයයි.

මෙම සංචාරයේදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා බලශක්ති, ආහාර, අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළු ක්ෂේත්‍ර රැසක් සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට නියමිතව ඇත.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී සහ රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් පසුගිය මාසයේදී සමර්කන්ද් හිදී පැවැත්වූ ෂැංහයි සහයෝගිතා සංවිධාන රැස්වීමේදී හමුවූ අතර දෙරටේ නායකයින් දෙදෙනා මෙම වසර අවසානයේ දී යලි හමුවීමට නියමිත බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.

විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් ගේ මෙම සංචාරයේදී ඊට අදාළ නිල ආරාධනාව සිදුකරනු ඇතැයි ඉන්දීය රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

යුක්රේන යුද්ධය ආරම්භ වීමත් සමගම අත්‍යාවශ්‍ය භාණ්ඩ සම්බන්ධ වන සැපයුම් ජාලයට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ මෙම සංචාරයේ දී ඒ සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමු කෙරුණු ඇති.

එමෙන්ම රුසියාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවේදී බටහිර රටවල් විසින් එල්ල කරනු ලැබූ පීඩනය හමුවේ ඉන්දියාව මධ්‍යස්ථ මතයක සිටින ලදී.

යුක්රේන යුද්ධය ආරම්භ වීමෙන් පසු ඉන්දීය විදේශ අමාත්‍යවරයා සහ රුසියානු විදේශ අමාත්‍යවරයා අවස්ථා 04 කදී මුණ ගැසී සාකච්ජා කොට ඇත.

රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් ඉකුත් අප්‍රේල් මාසයේදී ඉන්දියාවේ සංචාරයක නිරත වූ අතර එහිදී ඔහු ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා මෙන්ම විදේශ කටයුතු අමාත්‍යවරයා මුණ ගැසී තිබිණි.

ගල් අඟුරු, ඉන්ධන සහ පොහොර සැපයීම සම්බන්ධයෙන් එම සාකච්ජා සිදු කරන ලදී.

ඉරානය හරහා වැටී තිබෙන ජාත්‍යන්තර වෙළද මාවත ඉන්දු – රුසියානු ගනුදෙනුවේ ප්‍රධාන භූමිකාවක් රඟ දක්වනු ලබයි.

දෙපාර්ශවයම සිය ජාතික මුදල් ඒකක මගින් ගණුදෙනු සිදු කිරිම මෙහි කැපී පෙනෙන අවස්ථාවක් ලෙස සැලකේ.

රුසියාව සහ ඉන්දියාව අතර ආරක්ෂක සහයෝගීතාවය වර්ධන කර ගැනීමේ අරමුණින් ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් මීට මාස කිහිපයකට පෙර රුසියාවේ සංචාරයක නිරත විය.

මේ මාසයේ ආරම්භයේ දී ඕස්ට්‍රේලියාවේ සිදුකළ සංචාරයදී මෙන්ම එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල රැස්වීමේදී ඉන්දියානු විදේශ අමාත්‍යවරයා විසින් රුසියාව සහ ඉන්දියාව අතර ඇති ආරක්ෂක සහ අනෙක් සහයෝගීතාවන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ කරුණු අවධාරණය කර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles