Monday, April 29, 2024

Enrique ගේ Sex & Love සංවිධායකයන්ගේ tax මගඩිය

ලතින් අමරිකානු පොප් ගායස Enrique ගේ ප්‍රසංගයේ ප්‍රවේශපත් අලෙවිකිරීම මගින් කොළඹ මහ නගර සභාවට ලැබිය යුතු බදු ආදායම අඩුවෙන් පෙන්වා සංවිධායකයන් විසින් බදු වංචාවක් සිදුකර ඇති බව නාගරික කොමසාරිස්වරයා පවසා ඇත.

අදාල ප්‍රසංගය සඳහා නගර සභාවේ අනුමැතිය ඇතුව නිකුත් කල ප්‍රවේශපත් ප්‍රමාණයට වැඩි ප්‍රමාණයක් අලෙවිකර ඇති බවත්, එම වැඩිපුර අලෙවිකරන ලද ප්‍රවේශපත් ප්‍රමාණය හෙලිදරව් කිරීමට ප්‍රසංගයේ සංවිධායකයන් කටයුතු නොකල නිසාවෙන් අදාල ප්‍රවේශපත් සඳහා අයවිය යුතු බදු මුදල මහ නගර සභාවට අහිමිව ඇති බව නාගරික කොමසාරිස් වී.කේ.ඒ.අනුර මහතා ප්‍රකාශකර ඇත.

ප්‍රසංගයේ අවසන් ගිණුම් වාර්තා තවමත් සැකසෙමින් පවතින නිසා එම කටයුතු අවසන්වීමෙන් පසු අයවිය යුතු බදු ප්‍රමාණය තීරණය කිරීමට කටයුතු කරන බව වැඩිදුරටත් ප්‍රකාශකර ඇත.

රුපියල් 35,000 දක්වා ප්‍රවේශපත් මිලකර තිබූ මෙම ප්‍රසංගයට විශාල පිරිසක් සහභාගීවූ අතර එය කොළඹ සී.ආර් ඇන්ඩ් එෆ්.සී පිටියේදී පසුගියදා පැවැත්විණි. ලෝක ප්‍රසිද්ධ ලතින් ගායකයාගේ පලමු ලංකාගමනයද එයවිය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles