Monday, April 29, 2024

හිරුණිකාගේ ඩිෆෙන්ඩර් සෙල්ලම

යහපාලන ආණ්ඩුවට වසරක කාලයක් පිරෙන්නට ඔන්න මෙන්න තිබියදී අලුත් ආණ්ඩුව යටතේ සිදුවුණ පලමුවන දේශපාලනික පැහැරගැනීම සිදුකරමින් ඊයේ (21) දෙමටගොඩ ප්‍රදේශයේ තරුණයෙකු පැහැරගෙන ගොස් පසුව මහමග දමාගොස් ඇත.

ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මකවන ඩිෆෙන්ඩර් රථයකින් පැමණි පිරිසක් මෙම තරුණයා පැහැරගෙන ගිය බවට පොලීසියට තොරතුරු ලැබී තිබෙන බවත් ඒ ඔස්සේ පරීක්ෂණ සිදුකරමින් යනබවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍යවෙත අදහස් දක්වා ඇත.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය ප්‍රකාශකර ඇත්තේ අදාල සිදුවීමට සම්බන්ධ සැකකරුවන් පොලීසියට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි. නමුත් මේ වනතෙක් ඔවුන් පොලීසියට ඉදිරිපත්කර නැති බවයි.

දෙමටගොඩ ප‍්‍රදේශයේ රෙදිපිළි අලෙවිසැලක සේවය කළ 26 හැවිරිදි තරුණයෙකු මෙලෙස පැහැරගැනීමට ලක්ව ඇති අතර ඊයේ (21) රාත‍්‍රී ඔහු මුදාහැර ඇති අතර මේ වන විට මෙම තරුණයා කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබන බව පොලිස් ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කර සිටී.

කෙසේ වෙතත් හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර ප‍්‍රකාශ කරන්නේ පැහැර ගැනුණු තරුණයාට පහරදීමක් සිදුව නොමැති බවත් මෙම පැහැරගැනීම සිදුව ඇත්තේ පවුල් දෙකක් අතර ආරවුලක් නිසා බවද තමන් මැදිහත් වී එය සමථ කර පැහැර ගැනුණු තරුණයා මුදාහැරීමට කි‍්‍රයාකළ බවත්ය.

යහපාලන රජය බිහිකිරීමේ ප්‍රධානම අභිලාශයක්වූයේ පසුගිය රාජපක්ෂ පාලන සමයේ සිදුවූ ඝාතනයන් සහ පැහැරගැනීම් වලට තිත තැබීම වූවත්, යහපාලනය යටතේ එය නැවත ආරම්භවීමේ සංඥා මතුවන සිදුවීමක් ලෙස මෙය හැඳින්විය හැකිය.

 

Related Articles

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles