Saturday, May 4, 2024

ගෝල්ෆේස් අරගලයට ප්‍රහාරයක්.. ?(VIDEO)

රාජ්‍ය පාලනයට එරෙහිව අඛණ්ඩව සත්වැනි දිනටත් ඊයේ (15) ක්‍රියාත්මක ගාලු මුවදොර අරගලය කඩාකප්පල් කිරීමට සැලසුම් සකස් කරමින් සිටින බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව පවසනවා.

සංවිධායක ලේකම්වරයා පෙන්වා දෙන්නේ, ඊට කමාන්ඩෝ බලකා නිලධාරින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් පෙර පුහුණුවීම් සිදු කරන බවයි.

ඔවුන් ඊයේ දින පෙරවරුවේ කඩවත කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සිදු කරන ලද පුහුණුවීමේ දර්ශන ඇතුළත් වීඩියෝ පටයක් මාධ්‍යයට පෙන්වමින්, දුමින්ද නාගමුව පැවසුවේ, මෙම ආරක්ෂක අංශ නිලධාරින් සිය පුහුණුවීම් කටයුතු සිදු කර ඇත්තේ උද්ඝෝෂණයක් මර්දනය කරන ආකාරයේ සටන් පාඨ කියමින් බවයි.

එම පුහුණුවීම් සාමාන්‍ය විරෝධයක සිදු කෙරෙන සටන් පාඨා ප්‍රකාශ කරමින් සිදු කෙරෙන බවත්, ඊට උද්ඝෝෂකයින් සේ වෙස් ගත් තවත් කමාන්ඩෝ භට පිරිසක් අරගලයට මැදිහත් වීමට සූදානම් ශරීරයෙන් සිටින අයුරු සහ එසේ මැදි වූ විට පහරදීමට ලැබෙන අණ කිරීමක දර්ශනත් මෙම වීඩියෝ පටයේ ඇතුළත් බවයි නාගමුව චෝදනා කළේ.

රටේ අර්බුදකාරී අවස්ථාවක මෙසේ අරගලයක සටන් පාඨ කියමින් සිදු කෙරෙන පුහුණුකිරීම් ගෝල්ෆේස් අරගලයට එල්ල කළ හැකි මර්දනකාරී ප්‍රහාරයක් බවයි හෙතෙම අවධාරණය කළේ.

දර්ශන : හිරූ නිව්ස්

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles