Saturday, May 4, 2024

GIT සඳහා අයදුම්පත් කැඳැවේ

විභාග දෙපාර්තමේන්තුව මෙහෙයවන සාමාන්‍ය තොරතුරු තාක්‍ෂණ (ජී.අයි.ටී) විභාගයට පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන්ට අයදුම්පත් යොමුකිරීමේ  කාලය මේ මස 25 වැනිදා දක්වා දීර්ළ කළ බව එම දෙපාර්තමේන්තුව පවසයි.

මෙම විභාගයට 2019 සිට මෙම වසර දක්වා වර්ෂවල 12 වැනි ශ්‍රේණියේ අධ්‍යාපන ලැබූ සිසුන්ට පමණක් අයදුම් කළ හැකි බවත් ලබන වසරේ වසරේ උසස් පෙළ විභාගය (2022) පැවැත්වෙන කාලසීමාවේ මෙම විභාගය නොපවත්වන බවත් විභාග දෙපාර්තමේන්තුව කියයි.

සාමාන්‍ය තොරතුරු තාක්‍ෂණ විභාගය පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙන බවත් වැඩි විස්තර 0112786616, 0112784537 සහ 0112784208 යන දුරකථනවලට ඇමතීමෙන් ලබාගත හැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.  

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles