Wednesday, May 8, 2024

ICTA යටතේ ඇති ක්ලවුඩ් පද්ධතිය Update කිරීම තාවකාලිකව තහනම් කරමින් අධිකරණය නියෝගයක් !

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (ICTA) යටතේ ඇති ක්ලවුඩ් පද්ධතිය යාවත්කාලීන කිරීම තාවකාලිකව තහනම් කරමින් අධිකරණය නියෝග නිකුත් කර තිබේ.ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) දත්ත මැකී යාමට අදාළව සාක්ෂි නොමැති වීම හා අදාළ දත්ත ලබා ගැනීමට ඇති හැකියාව අවහිර වන නිසා මෙම අධිකරණය නියෝග නිකුත් කර ඇතැයි වාර්තා වේ.

මේ අතර , දත්ත මැකීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) විසින් අත්අඩංගුවට ගත්, ඖෂධ නියාමන අධිකාරියේ(NMRA) දත්ත පද්ධතිය පවත්වාගෙන ගිය පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීයා ඇප මත මුදා හැ⁣රීමට අධිකරණය අද නියෝග කළේය.

Newsfirst.lk

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles