Wednesday, May 8, 2024

රනිල් ගෙනාවෙ අපි නෙවෙයි – ඉන්දියාව

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී පැවැති ජනාධිපතිවරණයේදී දේශපාලන නායකයන්ට බලපෑම් කිරීමට ඉන්දියාව කිසිසේත්ම කටයුතු කර නැතැයි කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කරනවා. එසේම වෙනත් රටක අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමට ඉන්දියාව කටයුතු නොකරන බවත් මහකොමසාරිස් කාර්යාලය පෙන්වාදෙයි. එලෙස ජනාධිපතිවරණයට ඉන්දීය මැදිහත්වීමක් සිදුවූ බවට පලව ඇති ඇතැම් ජනමාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කරන මහකොමසාරිස් කාර්යාලය මේ බව සඳහන් කර තිබෙනවා.

“ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ජනාධිපතිධූරය සඳහා මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දේශපාලන නායකයින්ට බලපෑම් කිරීමට ඉන්දියාවෙන් දේශපාලන මට්ටමින් දරන උත්සාහයන් පිළිබඳ පදනම් විරහිත සහ තනිකරම අනුමාන මාධ්‍ය වාර්තා අපි දැක ඇත්තෙමු. එම මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍යවේ. ඒවා පැහැදිලිවම යමෙකුගේ පරිකල්පනයක් පමණකි.” යැයි මහ කොමසාරිස් කාර්යාලය අවධාරණය කරනවා. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම සහ සාරධර්ම, ස්ථාපිත ආයතන මෙන්ම ව්‍යවස්ථාමය ප්‍රතිපාදනවලට අනුකූලව ශ්‍රී ලංකාවේ ජනතාවගේ අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීමට ඉන්දියාව සහාය දෙන බවත්, වෙනත් රටක අභ්‍යන්තර කටයුතුවලට සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලීන්ට මැදිහත් නොවන බවත් එම ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.

මේ අතර, මෙම වසරේ(2020) ශ්‍රී ලංකාවට ලබාදී ඇති ඩොලර් බිලියන 3.8 ක ආධාරවලට අමතරව ඉදිරියේදී ශ්‍රී ලංකාව තුළ තවත් ආයෝජන සිදු කිරීමට ඉන්දියාව කැමැත්තෙන් සිටින බව කොළඹ ඉන්දීය මහකොමසාරිස්වරයා ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පතට පවසා තිබෙනවා.

“විදේශ විනිමය අර්බුදයට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාවේ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීම මෙහි අදහසයි. අපි ශ්‍රී ලංකාව තුළට තව තවත් ආයෝජන ගෙන ඒමට කැමැත්තෙමු. මන්ද එය ශ්‍රී ලංකා ආර්ථිකය තුළ ප්‍රතිචාර දැක්වීම සඳහා මධ්‍ය කාලීන හා දිගුකාලීන සංවර්ධනයක් ඇති කිරීමට උපකාරී වනු ඇත.” යැයි මහ්කොමසාරිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles