Friday, April 26, 2024

යුද අභයාසය නවත්වන්නැයි ජපානය, චීනයට කියයි.

තායිවානයට ආසන්න මුහුදු සීමාව තුළ සිදු කරන යුද අභයාස වහාම නවත්වන ලෙස ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂීඩා, චීනයෙන් ඉල්ලීමක් කර ඇත.

ජපාන් අග්‍රාමාත්‍යවරයා පවසන්නේ යුද අභයාසය අතරතුර තායිවානය අවට මුහුදු කලාපයට බැලැස්ටික් මිසයිල එල්ල කිරීම තරයේ හෙළා දකින බවයි.

ජපන් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පල කර තිබුණේ එරටට පැමිණ සිටින අමෙරිකානු තානාපති නැන්සි පෙලෝසි සමග සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එමෙන්ම චීනයේ මෙම අත්තනෝමතික ක්‍රියාකාරකම් ජපානයේ ජාතික ආර්ක්ෂාවට හා එරට පුරවැසියන්ගේ ආරක්ෂාවට බරපතල බලපෑම් එල්ල කළ හැකි ගැටලුවක් බව ද ජපාන අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.

චීනය එල්ල කල මිසයිල 5 ක් සිය රටේ සුවිශේෂ ආර්ථික කලාපයට එල්ල වනු නිරීක්ෂණය කළ බව ජපානය පවසයි.

ඉන් මිසයිල 4 ක් ගමන් කර ඇත්තේ තායිවානයට ඉහලින් බවට විශ්වාඅ කරන බව ද ජපානය පවසයි.

චීනයේ මෙම යුද අභයාසය කලාපයේ මෙන්ම ජාතයන්තරයේ ද සාමයට හා ස්ථාවරත්වයට අනිසි බලපෑම් එල්ල කරන බව ජපානය පවසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles