Saturday, April 27, 2024

රිජ්වේ ආර්යා ළමා රෝහලට දස දෙසින් ආධාර ගලා එයි..

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ආහාර සපයා ගැනීමේ ගැටලුකාරී තත්ත්වයක් ඇති බවට සමාජ මාධ්‍ය මගින් පළ වූ වාර්තාවෙන් පසුව ආහාර ද්‍රව්‍ය අවශ්‍ය ප්‍රමාණයටත් වඩා රෝහලට ලැබෙන බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය සඳහන් කරයි.
රෝහලේ අවශ්‍යතාව ඉක්මවා ආහාර ද්‍රව්‍ය ලැබීමට අනවශ්‍ය බැවින් ඒවා අපතේ යාමක් සිදුවිය හැකිය යැයිද පෙන්වා දෙන අධ්‍යක්ෂවරයා හැකිනම් දරුවන්ගේ ප්‍රතිකාරයන් සඳහා අවශ්‍ය ඖෂධ සහ ශල්‍ය උපකරණ පරිත්‍යාග කරන්නැයි පරිත්‍යාගශීලීන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

රෝහලට අවශ්‍ය ඖෂධ හා ශල්‍ය උපකරණයන් මොනවාද යන්න පිලිබඳව රිජ්වේ ආර්යා ළමා රෝහලේ නිල වෙබ් අඩිවියේ සඳහන්ව ඇති බවද හෙතෙම සදහන් කරයි.

අධ්‍යක්ෂවරයා බෙහෙත් අවශ්‍ය බව පැවසුවද සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා සදහන් කළේ අවශ්‍ය තරම් ඖෂධ රට තුළ තිබෙන බවය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles