Saturday, April 27, 2024

මහ බැංකු අධිපතිට ගෙදර යන්න වෙයි?

මෙම මස 30 වැනිදායින් වත්මන් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතාගේ නිල කාලය අවසන් වීමට නියමිතය.

ඉන් පසුව ජනාධිපති විසින් නව මහ බැංකු අධිපතිවරයකු පත් කිරීම හෝ වත්මන් අධිපතිවරයාගේ ධුර කාලය නැවත දීර්ඝ කිරීම සිදු කල යුතුව ඇත.

මහ බැංකුවට නව අධිපතිවරයකු පත්කිරීම සඳහා මුදල් අමාත්‍යවරයාගේ ලිඛිත නිර්දේශය ජනාධිපතිවරයාට ලැබිය යුතුව ඇති අතර ඒ අනුව මුදල් ඇමති ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සුදුසු අයෙක් නම් කල යුතුය.

මහ බැංකු අධිපතිවරයකුගේ නිල කාලය වසර හයක් වන අතර වත්මන් අධිපතිවරයා ගත කරමින් සිටින්නේ 2016 වසරේ පත් කරන ලද ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාගේ නිල කාලයේ අවසන් මාසයය.

කුමාරස්වාමි මහතා සිය නිල කාලය අවසන් නොකර ධුරයෙන් ඉල්ලා අස්වූ පසු ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන්, අජිත් නිවාඩ් කබ්රාල් යන අයද මහ බැංකු අධිපතිවරැන් ලෙස කටයුතු කලේද එම ධුර කාලයේ ඉතිරි කාලයයි.

මේ වන විට නන්දලාල් වීරසිංහ මහතා ගත කරන්නේ 2016 සිට 2022 දක්වා වූ මහ බැංකු අධිපති ධූරයේ සය වසරක නිල කාලයේ අවසන් මාසයයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles