Friday, October 18, 2024
Home Blog Page 3

ජනපතිවරණය ලඟයි! විදුලිය හා තෙල් මිල ටිකක් අඩුවෙයි….

0

ඩීසල් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් මිල සංශෝධනය නොකරන බවත් සෙසු ඉන්ධන වර්ග තුනේ මිල ඊයේ (4) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දමන බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව පැවසීය.

ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 9 කින්, සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5 කින් අඩු කළ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේය.

එම මිල පහළ දැමීත් සමඟ ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක නව මිල රුපියල් 447 ක්, ලංකා සුපර් ඩීසල්  ලීටරයක නව මිල රුපියල් 458 ක් සහ භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 257 බවට පත්වූ බව ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේය.

ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක මිල රුපියල් 371 ක සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 363 ක තව දුරටත් පවතින බවත්  එම සංස්ථාව කීය.

ඒ අතරම, විදුලි ගාස්තු සියයට 21.9 කින් අඩු කළ බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා ඊයේ (4) පස්වරුවේ පැවසීය.

එම විදුලි ගාස්තු සංශෝධනය ද ඊයේ (4) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බවත් මෙම ගාස්තු සංශෝධනයේදී අඩුම ඒකක සංඛ්‍යාවක් පරිභෝජනය කරන අඩු ආදායම් ලාභීන් ලෙස සැළකෙන කාණ්ඩයට වැඩිම සහනය දුන් බවත් සභාපතිවරයා කීය.  

එම ගාස්තු සංශෝධනයේදී ඒකක 30 ට අඩු කාණ්ඩයේ ගාස්තුව සියයට 33 කින්, ඒකක 31ත් 60ත් අතර කාණ්ඩයේ ගාස්තුව සියයට 28 කින්, ඒකක 61ත් 90ත් අතර කාණ්ඩයේ ගාස්තුව සියයට 30 කින්, ඒකක 91ත් 180ත් අතර කාණ්ඩයේ ගාස්තුව සියයට 24 කින් සහ ඒකක 180 ට වැඩි ගෘහස්ථ කාණ්ඩය ගාස්තුව සියයට 18 කින් අඩු කළ බව ද සභාපතිවරයා සඳහන් කළේය.

ඉන්දීය රජයෙන් යාපනේට ‘පරිප්පු‘ වෙනුවට විදුලිය!

0

ඩොලර් මිලියන 10 කට අධික මුදලක් වැය කරමින් යාපනය දූපත් තුනක් වෙනුවෙන් විදුලිබලය සැපයීම ස`ඳහා දෙමුහුම් බලශක්ති ව්‍යපෘතියේ ඉදිකිරිමට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අද (1) පෙරවරුවේ ගිවිසුම්ගත විය.

ඉන්දීය රජයේ පුර්ණ මූල්‍ය ප්‍රදානයක් ලෙස ලැබෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 10.995 ක මුදලින් ඩෙල්ෆ්, එලුවතිව් සහ නයිනතිව් (නාගදීපය) යන දූපත්වලට මෙම ව්‍යපෘතියෙන් විදුලිය සැපයීමට නියමිතය.

කිලෝ වොට් 530 ක සුළං බලය, කිලෝ වොට් 1700 ක සුර්ය බලය සහ කිලෝ වොට් පැය 2400 ක බැටරි පද්ධතියක් සමග පුනර්ජනනීය බලය සහ විකල්ප කිලෝ වොට් 2500 ක ඩීසල් බලයෙන් ක්‍රියාත්මක වන මෙම දෙමුහුම් පද්ධතිය ඉදිකිරීම් ලබන වසරේ මාර්තු වන විට අවසන් කිරීමට බලාපොරොත්තු වේ.

මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් මූල්‍ය පහසුකම් දීම වෙනුවෙන් ඉන්දීය රජයට, මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයාට, මෙරට හිටපු මහ කොමසාරිස්වරයාට සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්ට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ස්තූතිය පළ කළේය. (ලංකාදීප)

ඊශ්‍රායලය හා පලස්තීනය අතර කඩිනම් සටන් විරාමයක් ඇරඹීම ජගත් ප්‍රජාවේ පොදු අභිලාෂයක් බව චීනය පවසයි

0

ඊශ්‍රායලය හා පලස්තීනය අතර සටන් විරාමයක් කඩිනමින් ක්‍රියාත්මක කිරීම ජගත් ප්‍රජාවේ පොදු අභිලාෂයක් බව චීනය පවසයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 55වන සමුළුවට එක් වෙමින් චීන නියෝජිත චෙන් ශියු මහතා පසුගියදා (29) ඊශ්‍රායල-පලස්තීන අර්බුදය පිළිබඳ චීන ස්ථාවරය පැහැදිලි කළේ ය.

දැනට ගාසා තීරයේ පෙර නොවූ විරූ මානුෂීය ව්‍යසන සිදු වෙමින් පවතී. එහි වහාම සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම, සාමය පුනරුත්ථාපනය කිරීමේ මූලික කොන්දේසිය මෙන් ම ජගත් ප්‍රජාවේ පොදු අභිලාෂයක් බව එක්සත් ජාතීන්ගේ ජිනීවා කාර්යාලයේ හා ස්විට්සර්ලන්තයේ එක්සත් ජාතීන්ගේ සෙසු ජගත් සංවිධානවල චීන නියෝජිත චෙන් ශියු මහතා කියා සිටියේ ය.‍ ගාසා තීරයේ මානුෂීය මෙහෙයුම් සිදු කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දෙන ලෙසත්, ජාත්‍යන්තර අධිකරණය නිකුත් කළ සටන් විරාමය පිළිබඳ නියෝග ක්‍රියාත්මක කරන ලෙසත්, ඔහු ඊශ්‍රායලයෙන් ඉල්ලීමක් කර ඇත. පලස්තීන භූමිය ආක්‍රමණය කිරීමටත් පලස්තීන ජනතාව බලහත්කාරයෙන් පිටුවහල් කිරීමටත් චීනය තරයේ විරුද්ධ වන බව ද චීන නියෝජිතවරයා අවධාරණය කළේ ය.

කොළඹ හොල්ලන නව සන්ධානයේ දෙවැනි රැලිය 24

0

“ශක්තිමත් ආර්ථිකයක් – ජයග්‍රාහී ගමනක්” යන තේමාව යටතේ නව සන්ධානය විසින් සංවිධානය කරනු ලබන ජන රැළි මාලාවේ දෙවන පියවර පෙබරවාරි 24 වෙනි දින කොළඹ හයිඩ් පාර්ක් පිටියේදී පස්වරු 2.30 ට පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

නව සන්ධාන කොළඹ දිස්ත්‍රික් නායක අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත්, වෙළෙද අමාත්‍ය නලින් ප්‍රනාන්දු, මෙහෙයුම් නායක අනුර ප්‍රියදර්ශන යාපා, නව සන්ධාන නිර්මාතෘ නිමල් ලාන්සා, ප්‍රියංකර ජයරත්න, සූගීෂ්වර බන්ඩාර යන මහත්වරුන් මෙම රැළියට සහභාගී වීමට නියමිතව ඇත.

මෙහිදී නැගෙනහිර හා කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රබල දේශපාලඥයින් කිහිප දෙනෙකු නව සන්ධාන වේදීකාවට ගොඩවීමට නියමිතව ඇති බව නව සන්ධාන ආරංචි මාර්ග සඳහන් කරයි.

ගෘහ සේවයට කාන්තාවන් විදේශ ගත කිරීම අත්හිටුවීමට ඇමැති මනුෂගෙන් පියවර

0

ශ්‍රී ලාංකික කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස විදේශ රැකියා සදහා පිටත් කර යැවීම සම්පූර්ණයෙන්ම නතර කිරිමට අවශ්‍ය පියවර ගැනීම සදහා වන යෝජනාවලියක් සහ සැලසුම් කඩිනමින් තමන් වෙත ලබාදෙන ලෙසට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉහළ කළමනාකාරීත්වයට සහ බලපත්‍රලාභී විදේශ සේවා නියුක්ති නියෝජිත ආයතන සංගමයට 20 දින දැනුම් දුන්නේය.

ගෘහ සේවිකාවන් ලෙස ශ්‍රමිකයින් පිටත් කර යැවීම නතර ඉහළ වැටුප් ලබාගත හැකි පුහුණු රැකියා අවස්ථා සදහා පමණක් ශ්‍රමිකයින් යැවීමේ වැදගත්කමද අමාත්‍යවරයා අවධාරණය කළේය.

ඒ අනුව වසර දහයක් තුළදී ගෘහ සේවිකාවන් විදේශ රැකියා සදහා පිටත් කර යැවීම සම්පූර්ණයෙන්ම නතර කිරීම සදහා ක්ෂේත්‍රයට සම්බන්ධ සියලුම පාර්ශවයන් සම්බන්ධ කරගනිමින් මෙම යෝජනාවලිය තමන් වෙත ලබාදෙන ලෙසද බලපත්‍රලාභී විදේශ සේවා නියුක්ති නියෝජිත ආයතන සංගමය සමග අද පැවති සාකච්ඡාවේදී අමාත්‍යවරයා දැනුම් දුන්නේය.

ඕ ලෙවල් ලියන දරුවන්ට පණිවුඩයක්…!

0
A/L Students

2024 මැයි මස අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට (2023) පෙනී සිටීමට ජාතික හැඳුනුම්පත් ලබාගැනීමට ඉල්ලුම් කර ඇති පුද්ගලයින්ට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ මෙතෙක් තොරතුරු තහවුරු කිරීමේ ලිපිය නොලැබුණු ඉල්ලුම්කරුවන්ට පහත පහසුකම් ඔස්සේ ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපිය ලබාගත හැකි බවය.

චීන වසන්ත උත්සව සංස්කෘතික මංගල්‍යය ගෝලීය ප්‍රේක්ෂකයන් හමුවට

0

චීන සාම්ප්‍රදායික නව වසර උදාවන්නේ අද රාත්‍රියේයි. චීන මාධ්‍ය සමූහය විසින් නිෂ්පාදනය කරන ලද වසන්ත උත්සව සංස්කෘතික ප්‍රසංගය බෙයිජිං වේලාවෙන් අද රාත්‍රී 8ට ‍ලොව පුරා ප්‍රේක්ෂකයන් හමුවේ දිගහැරේ. වසන්ත උත්සව සංස්කෘතික ප්‍රසංගය වසර 40 කට වැඩි කාලයක් තිස්සේ සමස්ත චීන ජාතිකයන්ගේ උණුසුම් හැඟීම් ලොවට රැගෙන ගිය අතර, එය නව වසරේ සතුට සමරන චීන ජාතිකයන්ට විශිෂ්ට රසාස්වාදයක් තිළිණ කරන අත්‍යවශ්‍ය අංගයක් බවට පත්ව ඇත. විශේෂයෙන්ම, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය වසන්ත උත්සවය එක්සත් ජාතීන්ගේ නිවාඩු දිනයක් ලෙස නම් කිරීමෙන් වසන්ත උත්සව ප්‍රසංගයට ද ගෝලීය වැදගත්කමක් ලබා දී තිබේ.

1983 වසරේ සිට, චීනයේ ජාතික රූපවාහිනී සේවය වන CCTV නාලිකාව, සෑම චීන සාම්ප්‍රදායික නව වසරක් උදාවන අවස්ථාවේ මෙම මහා කලාත්මක ප්‍රසංගය පවත්වන අතර, එය චීන ජනතාව හදවතින්ම රසවිඳින මහා සංස්කෘතික මංගල්‍යයකි. ඩම්ප්ලිං සෑදීම සහ වසන්ත උත්සව කවි පද ඇලවීම වැනි සාම්ප්‍රදායික වසන්ත උත්සව චාරිත්‍ර අතරට පවුලේ සියලු දෙනාම එකට වාඩි වී වසන්ත උත්සව ප්‍රසංගය නැරඹීමේ සිරිත ද ක්‍රමයෙන් ඇතුළත් ව තිබේ. වසන්ත උත්සව ප්‍රසංගය වැඩසටහන් අන්තර්ගතය, ඉදිරිපත් කිරීම සහ තාක්ෂණික ක්‍රමවේද අතින් චීන රූපවාහිනී විචිත්‍රාංගයන් හි ඉහළම මට්ටම පිළිබිඹු කරයි.

2024 වසන්ත උත්සව ප්‍රසංගය වචනයේ පරිසමාප්ත අරුතින්ම ජනතාවගේම උළෙලකි. චීනයේ සෑම තරාතිරමකම ජනතාව මෙම ප්‍රසංගයේ ප්‍රධාන චරිත බවට පත්ව සිටීම කැපීපෙනේ. නූඩ්ල්ස් සූපවේදීන්, විශ්‍රාමික කාර්මික ශිල්පීන්, පොලිස් නිලධාරීන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් වැනි සාමාන්‍ය ජනතාව තමන්ටම අනන්‍ය වූ විවිධ කතන්දර රැගෙන වසන්ත උත්සව ප්‍රසංග වේදිකාවට පැමිණීම විශේෂත්වයකි. නවයුගය සතු නැවුම් ජීවයෙන් පිරි එම ප්‍රසංගය, වඩා යහපත් ජීවිතයක් වෙනුවෙන් චීන ජනතාවගේ නිරන්තර ප්‍රාර්ථනය අර්ථකථනය කරයි.
අද (9) රාත්‍රියේ රටවල් 49 ක, නගර 90 ක, 3000 කට අධික පොදු ඩිජිටල් තිරවල මෙම සුවිශේෂ ප්‍රසංගයේ විශේෂ අවස්ථා දැක ගත හැකිය. ලොව පුරා ප්‍රේක්ෂකයන් චීන වසන්ත උත්සවයේ සහ චීන සංස්කෘතියේ අද්විතීය චමත්කාරය සහිත මේ මහා සංස්කෘතික මංගල්‍යයේ රසය ද අත්විඳිමින්, උද්‍යෝගිමත් ව නව වසර පිළිගනු ඇත.

චීන්නු වැඩ අල්ලයි.. මාධ්‍යවේදීන්ට ගෙවල් දෙයි…!

0

අඩු ආදායම්ලාභීන්, කලාකරුවන් හා මාධ්‍යවේදීන් වෙනුවෙන් චීන රජයේ ආධාර මත ඉදිකිරීමට නියමිත නිවාස 1,996 යේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම කඩිනම් කරන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මාර්තු මස මුලදී මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා කීය.

ඊට පෙර මෙම ව්‍යාපෘතියේ මූලික කටයුතු චීන රජයේ නියෝජිතයින් සමඟ සාකච්ඡා කර අවසන් කරන ලෙස අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ නාගරික සංවර්ධන අධිකාරී ශ්‍රවණාගාරයේදී පැවැති සාකච්ඡාවකදීය.

වසර තුනක් ඇතුලත  ඉදි කෙරෙන මෙම නිවාස 1,996 න් නිවාස 1,888 ක් කොළඹ ජීවත්වන අඩු ආදායම්ලාභීන්ටත්, නිවාස 108ක්  කලාකරුවන් හා මාධ්‍යවේදීන් සඳහාත් වෙන් කෙරේ. 

ඒ අනුව පෑලියගොඩ දුටුගැමුණු පාර නිවාස 615ක්, දෙමටගොඩ එළුමඩුව වත්ත නිවාස 586 ක්, මොරටුව බැටරි වත්ත, නිවාස 575 ක්, මහරගම අඹවත්ත නිවාස 112 ක් සහ කොට්ටාව පළතුරුවත්ත නිවාස 108ක් වශයෙන් ඉදි කෙරෙන අතර  කලාකරුවන් සහ මාධ්‍යවේදීන් සදහා වෙන් කරන්නේ කොට්ටාව පළතුරුවත්ත නිවාස 108 බව අමාත්‍යාංශය කියයි.

චීන රජය විසින් මෙම ව්‍යාපෘතිය සඳහා යුවාන් මිලියන 552ක මූල්‍යාධාරයක් ලබාදෙන අතර එය ආසන්න වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 24.48කි. 

  • ලංකාදීප

රතු මුහුදේ ‘දැතිමෝරු‘ සමඟ සටනට ‘සයුර‘ පිටත් වේ… ආසියාවටම අභිමානයක් – හින්දුස්ථාන් ටයිම්ස්

0

යේමනයේ හූති සටන්කාමීහූ රතුමුහුද, අරාබි මුහුද ආශ්‍රිතව විනාශකාරී ක්‍රියා වල නියැලෙමින් මගී සහ භාණ්ඩ ප්‍රවාහන නෞකා වෙත බාධා පමුණුවමින් සිටිති. සූවස් ඇලේ සිට එන විට හමුවන ‘බාබ් අල්-මන්දාබ්‘ සමුද්‍රසන්ධිය ආශ්‍රිතව ගමන්කරන නෞකා වලට පහර දෙමින් සිටිති.

මේ හේතුව නිසා නෞකා වලට අප්‍රිකාව වටා දීර්ඝ නාවික සැතපුම් ගණනක් ගමන්කොට මෙකී මුහුදු මාර්ගයට අවතීර්ණ වීමට සිදුව ඇති අතර, එය නැව්ගාස්තු මෙන්ම සියලු වියදම් ඉහළ යාමට හේතුවක් වී ඇත. එලෙසම කොළඹ වරාය මෙන්ම ඉන්දියාවේ බටහිර වරායන් පවා මේ හරහා අවධානමකට ලක්වී ඇත.

මේ තත්ත්වයට පිළියමක් ලෙස අමෙරිකා, කැනඩා, ඉන්දියා, ඉතාලි වැනි රටවල් රැසක යුද නෞකා සමුද්‍රාරක්ෂාව වෙනුවෙන් දැනටමත් එහි යවා තිබෙනවා. එම ආරක්ෂක සන්ධානය වෙත ශ්‍රී ලංකා නාවික හමුදාවේ ‘සයුරළ‘ නෞකාව සහ නාවික බලඇණියක් යැවීමට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා තීරණය කරන්නේ මේ තත්ත්වය අනුව යි.

එසේ සිදු නොවුවහොත් ශ්‍රී ලංකාවේ කොළඹ වරාය දැඩි තර්ජනයකට ලක්වන අතර එය මඟහැර නෞකා පහළින් පිහිටි හම්බන්තොට වරායට ලඟාවනු ඇති බවත්, එහි අයිතිය ඇත්තේ චීනයට වන නිසා එයින් ශ්‍රී ලංකාවට අත්වන ලාභයක් නැති බවත් ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.

https://www.youtube.com/watch?v=apDha0W-gF8

සොමි රත්නායක අතුරුදන්!

0

රුහුණු කතරගම මහ දේවාලයේ සොමිපාල ටී. රත්නායක ප්‍රධාන කපු මහතා අබිරහස් ලෙස අතුරුදන්ව සිටින බවට ඒ මහතාගේ දියණියන් දෙදෙනකු සහ මුනුපුරකු පෙරේදා (23) පැමිණිලි ඉදිරිපත් කර ඇතැයි කතරගම පොලිසිය පවසයි.

තම පියාගේ අතුරුදන්වීමට අඹුසැමි යුවළක් සම්බන්ධ බවට එම පැමිණිලිවල සඳහන් කර ඇතැයිද පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.

එම අඹුසැමි යුවළ පවුලේ සමීපතමයන් බවද පැමිණිල්ලේ සඳහන් වේ.

තම පියා එම දෙදෙනාගේ නිවෙසට ඉකුත් 8 වැනිදා ගිය පසු මෙසේ අතුරුදන්ව සිටින බව ද දරුවන් පොලිසියට ප්‍රකාශ කර ඇත.

මෙම අඹුසැමි යුවළගෙන් තම පියා ගැන විමසුවත් ඔවුන් දෙදෙනා ඊට පැහැදිලි පිළිතුරක් දීමට අපොහොසත් වූ බවද ඔවුන් පවසා ඇත.

පාතාල ලෝකයේ නායකයකු ලෙස සැලකෙන අංගොඩ ලොක්කාගේ බිරිඳ විසින් ඔවුන්ගේ දරුවකුට ඇති වී ඇතැයි කියන අපලයක් දුරුකිරීම සඳහා රුහුණු කතරගම දේවාලයට පූජා කළ පවුම් තිස් අටක් පමණ බර රන් තැටියක් නැතිවීම සම්බන්ධයෙන් රත්නායක මහතාට එරෙහිව කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

රන් තැටිය නැතිවීම සම්බන්ධයෙන් රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිලමේ වන ඩිෂාන් වික්‍රමරත්න මහතා විසින් රත්නායක මහතාට එරෙහිව 2021 වසරේදී එවක සිටි පොලිස්පතිවරයාට පැමිණිල්ලක් කර තිබිණි. (ලංකාදීප)