Friday, April 26, 2024

ත්‍රස්ත ක්‍රියා නිසා පකිස්ථානයේ නීතිය හා සාමය පිරිහෙයි.

පකිස්ථානයේ Khyber Pakhtunkhwa පළාත තුළ නීතිය හා සාමය පසුගිය වසර කිහිපය තුළදී බරපතල ලෙස පිරිහී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඊට හේතුව වන්නේ එම පළාත ඉලක්ක කර එල්ලවන ත්‍රස්ත ප්‍රහාර සීග්‍රයෙන් ඉහළ යාම බව ද එම වාර්තා පෙන්වා දෙයි.

දත්ත වාර්තාවලට අනුව ඉකුත් අගෝස්තු මස සිට නොවැම්බර් මස දක්වා කාලය තුළ Khyber Pakhtunkhwa පළාත ඉලක්ක කර එල්ල වී ඇති ත්‍රස්ත ප්‍රහාර සංඛ්‍යාව 118 ක් පමණ වෙයි.

එම ප්‍රහාර හමුවේ පොලිස් නිලධාරීන් 26 දෙනෙකු, නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල නියෝජිතයන් 12 දෙනෙකු හා සිවිල් වැසියන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එමෙන්ම පෙෂාවර්, Mardan කලාපය හා Khyber Pakhtunkhwa පළාතේ දකුණු දිග ප්‍රදේශ ඉලක්ක කර එල්ල විය හැකි ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් පකිස්තාන පොලීසිය දැඩි විමසිල්ලෙන් පසුවන බව ද් වාර්තා වේ.

එමෙන්ම Khyber Pakhtunkhwa පළාතේ ප්‍රධාන දේශපාලනඥයින් ත්‍රස්තවාදීන්වෙන් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ඉදිරිපත් කර ඇති අතර ඔවුන්ගෙන් ඇතැමෙකුගේ නිවාස ඉලක්ක කර අත්බෝම්බ එල්ල වීම වැනි සිදුවීම් ද වාර්තා වී තිබේ.

ත්‍රස්ත අවධානම ඉහළ යාම හමුවේ පකිස්ථානයේ Khyber Pakhtunkhwa පළාතේ පොලිස් මුරපළවල ආරක්ෂාව තර කිරීමට බලධාරීන් පියවර එන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles