Friday, April 26, 2024

දෙසැම්බර් 9 උයිගර් ජන සංහාර හඳුනාගැනීමේ දිනය ලෙස පිළිගන්නා ලෙසට ඉල්ලීමක්

දෙසැම්බර් 9 වැනිදා උයිගර් ජන සංහාර හඳුනාගැනීමේ දිනය ලෙස නම්කරන ලෙස උයිගුර් සංවිධාන 55ක් පමණ ලෝක නායකයන්ගෙන් ඉල්ලා ඇතැයි රේඩියෝ ෆ්‍රී ඒෂියා වාර්තා කර තිබේ.

2021 දෙසැම්බර් 9 වන දින, එක්සත් රාජධානිය පදනම් කරගත් ස්වාධීන උයිගර් විනිශ්චය සභාවක්, ෂින්ජියැන්ග් කලාපයේ උයිගර් සහ අනෙකුත් වාර්ගික සුළු ජාතීන්ට එරෙහිව ජන සංහාරයක් සිදු වී ඇති බවට සොයාගත් බව නිවේදනය කළේය.

ප්‍රධාන වශයෙන් මුස්ලිම් උයිගුර්වරුන්ට එරෙහිව චීන රජය ගෙන යන මානව හිමිකම් ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමට පියවර ගන්නා ලෙස රටවල් 20 ක උයිගර් සංවිධාන ගෝලීය නායකයින්ගෙන් ඉල්ලා තිබේ.

2021 දෙසැම්බර් 9 වෙනිදා, මාස 18 ක විමර්ශනවලින් සහ පිටු ලක්ෂ ගණනක ලේඛන අධ්‍යයනයකින් සහ සාක්ෂිකරුවන්ගේ සාක්ෂි විමසීම් පැවැත්වීමෙන් පසුව, නැගෙනහිර තුර්කෙස්තානයේ චීනයේ අපරාධ සංහාරයක් ලෙස උයිගුර් විනිශ්චය සභාව ප්‍රකාශයට පත් කළ බව ලෝක උයිගුර් කොංග්‍රසයේ සභාපති අනාවරණය කළේය.

මෙම දිනය, උයිගුර් ජන සංහාර හඳුනාගැනීමේ දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් තමන්ට අවශ්‍ය වන්නේ මෙම අඛණ්ඩ ජන සංහාරය වෙත ජාත්‍යන්තර ප්‍රජාවගේ අවධානය යොමු කිරීම බව ද ඔහු පැවසීය.

එමගින් අවශ්‍ය වන්නේ ජන සංහාරය නැවැත්වීම සඳහා රටවල්, ජනතාව සහ ජාත්‍යන්තර සංවිධාන බලමුලු ගැන්වීම බව ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles