Saturday, April 27, 2024

පාකිස්ථානයේ රෙදිපිළි අපනයනය බරපතල ලෙස පහළ යෑමේ අවදානමක්

2023 සිට පාකිස්තානයේ රෙදිපිළි අපනයනය මසකට ඩොලර් බිලියන 1 ට වඩා පහත වැටිය හැකි බවට සමස්ත පාකිස්තාන රෙදි කර්මාන්ත ශාලා සංගමය (APTMA) පාකිස්තාන රජයට අනතුරු අඟවා තිබේ.

සංගමය විසින් රෙදිපිළි අංශය සුරැකීමට රජයේ සහය ඉල්ලා සිටි බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

APTMA සිකුරාදා පාකිස්තාන අගමැති ෂෙබාස් ෂරීෆ් වෙත ලිපියක් යවමින් පැවසුවේ, රෙදි කර්මාන්තය එහි ධාරිතාවයෙන් සියයට 50 කටත් වඩා අඩු ප්‍රමාණයෙන් ක්‍රියාත්මක වන බවයි.

බොහෝ දෙනෙකුට දැනටමත් රැකියා අහිමි වී ඇති අතර නිවැරදි ක්‍රියාමාර්ග නොමැතිකම තවදුරටත් රැකියා අහිමි වීමට හේතු වනු ඇති බවත් එහි සඳහන් වේ.

ගංවතුර හේතුවෙන් කපු වගාව විනාශ වී සැපයුම් දාම කඩාකප්පල් වීම මෙම ගැටලුවට හේතුවක් වී තිබේ.

මේ වසරේ නිෂ්පාදනය කර ඇත්තේ බේල් මිලියන 5ක් පමණක් බවත්, කර්මාන්තයට බේල් මිලියන 14ක් අවශ්‍ය වන බවත්, විදේශ විනිමය ගැටළු හේතුවෙන් කපු ආනයනය සහ අපනයන සඳහා අවශ්‍ය අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය නොමැති ඇති බවත් අදාළ ලිපියේ සඳහන් කර ඇති බව පැවසේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles