Wednesday, May 8, 2024

දිවයින පුරා ඉන්ධන ඉල්ලා ජනතාව මහ මගට බසී… පාරවල්, නගර වසයි…

ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගය ගාල්ල බස් නැවතුම්පල අසලින් අවහිර කරමින් මහජනතාව විරෝධතාවයක් අරඹා ඇත.

දඹුල්ල නගරයේ අද උදෑසන ආරම්භ කරන ලද විරෝධතාවයක් හේතුවෙන් A-9  සහ  A-6 දඹුල්ල නගරයේ ඔරලෝසු වටරවුම අසළින් වසා දමා විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා .

ඒ හේතුවෙන් අනුරාධපුර ,පොළොන්නරුව ,ත්‍රීකුණාමලය ,යාපනය ,නුවර ,කොළඹ දුරගමන් සේවා රථ වාහන ධාවනය සම්පූර්ණයෙන්ම අඩාල වී තිබේ,විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට පොළිසියෙන් ඉල්ලීමක්..

නව අමාත්‍යවරයෙක් ලෙස පත් වූ සිරිපාල ගම්ලත් මහතාට ඉවත් වන ලෙස බලකරමින් පොළොන්නරුවේ විරෝධතාකරුවන් විසින් පොළොන්නරුව – කොළඹ ප්‍රධාන මාර්ගය වසා දමයි.

තංගල්ල, කාල්ටන් නිවස අසල මාර්ගය හරස් කරමින් මහජනතාව විරෝධතාවයක් අරඹයි.

ඊයේ (19) දින සිට අඛණ්ඩව පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් පානදුර නගරයෙන් ගාලු පාරට ඇතුළුවෙන මාර්ග අවහිර වෙයි.

ඉන්ධන ඉල්ලා පිරිසක් කෑගල්ල -අවිස්සාවේල්ල මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක නිරත වන බව වාර්තා වනවා.

එමෙන්ම ගාල්ල නගරයේ පැවැත්වෙන විරෝධතාවක් නිසා එම නගරයේ මාර්ග රැසක දැඩි රථ වාහන තදබදයක් ඇතිව තිබෙන බවද සඳහන්.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles