Saturday, April 27, 2024

“අපි ආණ්ඩු හැදුවේ වෙඩි තියන්න නෙමේ”-කොටුවේ පොඩි හාමුදුරුවෝ

වත්මන් රජය බලයට ගෙන ඒමට තමන් දායක වී කටයුතු කළේ මේ ආකාරයෙන් අහිංසක මිනිසුන් ඝාතනය කිරීමට නොවන බව කොටුවේ පොඩි හාමුදුරුවෝ නමින් ප්‍රසිද්ධියට පත්ව ඇති අත්තරගම ප්‍රඥාලංකාර හිමියන් පවසනවා.

ඒ, ඊයේ (19) රාත්‍රියේදී ඉන්දියාවේ සිට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් කරමින්.

වත්මන් අර්බුදය හමුවේ සිය සැබෑ දුෂ්කරතාවන්ට එරෙහිව විරෝධතාවයෙහි නියැළෙන ජනතාවට වෙඩිතැබීම සම්පූර්ණයෙන්ම වැරදි සහගත ක්‍රියාවක් වන අතර මෙහි වගකීම සම්පූර්ණයෙන්ම රජය භාරගත යුතු බවත් උන්වහන්සේ අවධාරණය කරනවා.

තමන්ට ජනතාව අකමැති නම් තම දේශපාලනය පිළිබඳ තීන්දුවක් ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කළයුතු බවයි උන්වහන්සේ සඳහන් කරන්නේ.

එමෙන්ම, තමන් මේ ආණ්ඩුව බලයට ගෙන ඒමට ‘කඩේ ගිය’ නමුත් එසේ කඩේ ගියේ ඒ අවස්ථාවේ තිබුණු රැල්ල නිසාවෙන් බව පවසන අත්තරගම ප්‍රඥාලංකාර හිමියන් තවදුරටත් මේ ආකාරයෙන් ආණ්ඩුවට ගමනක් නොමැති බවත් පවසනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles