Tuesday, May 14, 2024

Porn වෙබ් අඩවි Ban කර ඵලක් වේද?

ලංකාව තුල අන්තර්ජාලය භාවිතයෙන් ලිංගික වීඩියෝ සහ ඡායාරූප අඩංගු වෙබ් අඩවි තහනම් කරන ලෙස මහජන පෙත්සමක් ක්‍රියාත්මක වෙමින් පවතී. අසභ්‍ය වෙබ් අඩවි ලෙසින් නම්කර තහනම් කරන්නට යන වෙබ් අඩවි කුමක් වේවිද කියා හරියටම කියන්නට බැරිය, අසභ්‍ය වෙබ් අඩවි තහනම් කර දෙවනි පියවර ලෙස ලංකාවේ පුවත් වෙබ් අඩවි වලට අත තියන්නට ආණ්ඩුව ආපු දවසට මේ ගැන මීට එහා පියවරක් ගත යුතුය.

තාර්කිකව ලංකාව තුල සමාජ හා සංස්කෘතික පරිසරයේ අද තත්වය බැලූවිට වෙබ් අඩවි තහනම් කරා කියා අපරාධ අඩුවෙයි කියා සිතන්නට පුළුවන් තත්වයක් නැත. ඒ මන්දයත් අන්තර්ජාලය හෝ අසභ්‍ය වෙබ් අඩවි ලංකාවට අලුත් දෙයක් නොවන නිසාත්, ඒ නිසාවෙන් සිදුවූ අපරාධ කියා ලඝු කරන්නට තරම් සාධක නැති නිසාත්ය.

ඒත් මේ කාරණය දෙමව්පියන්ගේ හිත් හදන්නට නම් අගනේය. දෙමව්පියන්ට නිවිසැනසිල්ලේ වැඩක් පලක් කරගෙන සිටින්නට හැකි අතර, දරුවන් අන්තර්ජාලයේ වල්මත් වේ යැයි සිතා කරදරවන්නට දෙයක් නැත. එහෙත් ලංකාවේ ලිංගිකත්වය පදනම් කරගත් අපරාධ මෙයින් අඩුවෙයිද?

ලිංගික අවශ්‍යතා මිනිසුන්ගේ ඉතා සංවේදී අවශ්‍යතාවක් නිසාත්, ලංකාවේ හරිහමන් ලිංගික අධ්‍යාපනයක් නොදෙන නිසාත්, සංස්කෘතිය යන වැටට තද කර තරුණ පරපුර සහ නව යොවුන් පරපුරට ලිංගිකත්වය යනු මැජික් බවට පත් කර ඇති නිසාත් සිදුවන අපරාධ වෙබ් අඩවි ටිකක් තහනම් කර නවත්වන්නට හැකිනම් කියන්නට ඇත්තේ “මාරයි“ කියා පමණි.

නිසි ලිංගික අධ්‍යාපනයක් ලබා දෙනවානම් තරුණ තරුණියන්ට “සෙක්ස්“ යනු මැජික් එකක් නොවනු ඇත. අත්හදාබලන්නට ගොස් ඇණගන්නටද ඔවුන්ට අවශ්‍ය නොවනු ඇත.. ඒ වගේම ගූගල් එකේ සෙක්ස් හොයන්නට ගිහින් ලෝක වාර්තා පිහිටවන්නටද නොයනු ඇත. යම් කෙනෙක්ට ලිංගික අවශ්‍යතාවක් පැමිණිවිට එක්කෝ එය ඉටුකරගැනීමට හෝ පාලනය කරගැනීමට මාර්ගයක් තිබිය යුතුය. ගණිකා වෘත්තිය නීතිගත කරනැති රටක් නිසා බොහොමයක් අය ඒ අවශ්‍යතා ඉටුකරගන්නට විකෘති මාර්ග සොයාගෙන යන බව පෙනෙන්නට ඇත. එක්කෝ පාලනය කරගැනීමට අවශ්‍ය ආධ්‍යාත්මික දියුණුව ලබාදිය යුතුය. ඒ දෙකම නැතිව තව තවත් මිනිසාගේ ලිංගික අවශ්‍යතා සිරකිරීම තුලින් සිදුවන්නේ අහිංසක පොඩි එකෙක්ගෙන්, වැඩිහිටියෙක්ගෙන් මේවා පිටවීමයි.

අද ලංකාවේ ගැහැණු දරුවන් අපයෝජනයට ලක්වෙන ප්‍රමාණයටත් වඩා, පිරිමි දරුවන් අපයෝජනයට ලක්වේ මේවා පාලනයට වෙබ් අඩවි තහනම් කිරීමට එහා ගිය සංවිධානාත්මක සහ ගුණාත්මක වැඩ පිළිවෙලක් අවශ්‍යවේ. නැත්නම් මේකත් හරියටම ෆුල්ෆේස් හෙල්මට් දාගෙන හොරකම් කරනවා කියා ෆුල්ෆේස් හෙල්මට් භාවිතය තහනම් කරනවා වැනිම දෙයක් වනු ඇත.

ජනරඟ දේවසුරේන්ද්‍ර

porn-banned-reuters-L

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles