Saturday, April 27, 2024

බේකරි හිමියන්ගෙන් රතු එළියක්..

තිරිඟු පිටි සමාගම් දිගින් දිගටම පිටි මිල ඉහළ නැංවීම හේතුවෙන් බේකරි නිෂ්පාදන කර්මාන්තය කරගෙන යෑමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන ප්‍රකාශ කළහ.

ඊයේ(17) දින මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු කියා සිටියේ අවසන් වරට ප්‍රීමා සමාගම පිටි කිලෝවක් රුපියල් 40 කින් සහ සෙරන්ඩිබ් සමාගම පිටි කිලෝවක් රුපියල් 35 කින් ඉහළ නංවනු ලැබුවේ පසුගිය මාර්තු මස 01 වැනිදා බවයි.

කෙසේවෙතත් ගෑස් සහ ඉන්ධන අර්බුදය හේතුවෙන් බේකරි නිෂ්පාදන කර්මාන්තයට මතුව ඇති බාධා ඉවත් කිරීමට කටයුතු නොකරන්නේ නම් ලබන සතියේ සිට සියලුම බේකරි නිෂ්පාදන කටයුතුවලින් ඉවත්වන බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles