Friday, April 26, 2024

පද්ධතිය අවුල්..

පරිගණක පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් විදේශ කටයුතු අමාත්‍යංශයේ කන්සියුලර් අංශයේ සහතික නිකුත් කිරීමේ කටයුතු තාවකාලික ව නතර කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යංශය පෙන්වා දෙන්නේ, නැවත දැනුම් දෙන තුරු, අදාළ කටයුතු නතර කිරීමට පියවර ගෙන ඇති බව යි.

ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යංශයේ කන්සියුලර් කටයුතු අංශයේ සහ යාපනය, ත්‍රිකුණාමලය, මාතර, මහනුවර, කුරුණෑගල යන ප්‍රාදේශිය කාර්යාලවල සහතික නිකුත් කිරීමේ කටයුතු තාවකාලිකව අත්හිටවෙනු ඇති.

විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ, මේ වන විට පරිගණක පද්ධතියේ අලුත්වැඩියා කටයුතු ආරම්භ කර ඇති අතර, එය යථාතත්වයට පත් කළ පසු නැවත දැනුම් දෙන බව යි.

කෙසේ වෙතත් අනෙකුත් කන්සියුලර් සේවාවන් කිසිදු බාධාවකින් තොර ව පවත්වාගෙන යන බව යි විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කරන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles