Sunday, May 5, 2024

පකිස්තානයේ තරුණයන්ගේ ආගමික උමතුව ගැන හෙළිදරව්වක්.

පකිස්තානයේ තරුණ ප්‍රජාව දැඩි ආගමික අන්තවාදී අදහස් දරන පිරිසක් බවට පත්වෙමින් ඇතැයි එරට සෙනට් සභාවේ මානව හිමිකම් පිළිබද ස්ථාවර කාරක සභාව විසින් හදුනාගෙන තිබේ.

එම කාරක සභාවේ වාර්තා උපුටා දක්වමින් ‍ද ‍ඩ්‍රෝන් පුවත්පත වාර්තා කර ඇත්තේ පකිස්තානයේ වයස අවුරැදු 19 ත් 30 ත් අතර වන තරුණයන් මෙළෙස දැඩි අන්තවාදීන් බවට පරිවර්තනය වී ඇති බවයි.

අධ්‍යපනය සහ සාක්ෂරතාවය වැනි සාධක සැලකිය යුතු දියුණු මට්ටමක පවතින තරැණ පිරිස පවා සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ අන්තවාදය වපුරවමින් ඇතැයි ද අදාළ පුවත් වාර්තාවේ සදහන් වේ.

පකිස්තානයේ දී ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකික ඉංජිනේරුවෙකු වන ප්‍රියන්ත කුමාරගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් 130 දෙනාගෙන් 120 දෙනෙකුම වයස අවුරැදු 18 ත් 20 ත් අතර අයවීමෙන් මෙම තත්වයේ ඇති භයානක බව පැහැදිළි වන්නේ යැයි එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දේ.

මෙම තත්වය වෙනස් කිරිම සදහා වහාම කැපී පෙනෙන මැදිහත්වීමක් සිදුකළ යුතු බවත් එසේ නොවුණහොත් මෙය ඉදිරියේ දී පකිස්තානයට බරපතළ ගැටලුවක් වනු ඇති බවත් සෙනට් සභාවේ මානව හිමිකම් කමිටුව පවසා තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles