Sunday, May 5, 2024

සමුද්‍රීය ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන්නයි ලොව සියලු රටවලට ඉල්ලීමක්.

ලොව සියලු රටවල් සමුද්‍රීය ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කළ යුතු බව ඇමරිකානු නාවික හමුදාවේ පැසිෆික් කලාපය භාර ප්‍රධානී අද්මිරාල් සැමුවෙල් ජේ පැපරාඕ අවධාරණය කරයි.

ඔහු මෙම කරුණු සදහන් කළේ, ඉන්දියාවේ විශාඛාපට්නම්හිදී පැවැත්වෙන මිලාන් යුද අභ්‍යාසයට සමගාමීව මාධ්‍ය වෙත කරැණු දක්වමිනි.

ස්වාධිපත්‍යය සංකල්පයට මෙන්ම අන්තර් ජාතික රීතින් පදනම් කරගත් සාගරයේ නිදහසේ සැරිසැරීමට ඇති අයිතියට ද සියලු ජාතීන් ගරැකළ යුතු බව හෙතෙම මෙහිදී අවධාරණය කර සිටියේය.

ඇමරිකාව , ඉන්දියාව, ජපානය, ඕස්ට්‍රේලියාව වැනි රටවල් සමුද්‍රීය ආරක්ෂක කටයුතුවලදී එක්ව කටයුතු කිරීමේ ඇති වැදගත්කම ද අද්මිරාල්වරයා මෙහිදී පෙන්වා දුන්නේය.

චීනය විසින් නැගෙනහිර සහ දකුණු චීන මුහුදේ හිමිකම සම්බන්ධයෙන් අනුගමනය කරන ආක්‍රමණශීලී ප්‍රවේශය නිසා මේ වන විට ලෝකය පුරා සමුද්‍රීය ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් නව සාකච්ඡාවක් නිර්මාණය වී තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles