Monday, May 6, 2024

චීන හමුදාවේ නවතම මෙහෙයුමක් ගැන උයිගුරැවරුන්ගෙන් චෝදනා

චීන මහජන හමුදාව නියෝජනය කරන හැන් ජනවර්ගයට අයත් හමුදා සාමාජිකයන් ෂින්ජියෑන්ග් ප්‍රාන්තයේ ජනසංයුතිය වෙනස් කිරීමේ මෙහෙයුමක නිරතව සිටින බවට එහි බහුතරය වන උයිගුර් ප්‍රජාව චෝදනා නගයි.

උයිගුර් ජනතා නියෝජිතයන් අන්තර්ජාතික මාධ්‍ය වෙත පවසා ඇත්තේ එම හමුදා සාමාජිකයන් පවුල් පිටින් කලාපය තුළ පදිංචි වී ඇති බවයි.

ඔවුන් හැන් ජනවර්ගයට අයත් සංස්කෘතිය කලාපය තුළ ව්‍යාප්ත කරමින් සිටින බවට ද එම උයිගුර් නියෝජිතයෝ චෝදනා කරති.

ඔවුන් වැඩිදුරටත් සදහන් කර ඇත්තේ, ක්‍රමානුකූල ‍සහ සංවිධානාත්මක ලෙස චීනය විසින් උයිගුර් ජනතාවගේ අනන්‍යතාවය විනාශ කිරීම සදහා චීන මහජන හමුදාවේ හැන් ජන වර්ගයට අයත් පිරිස යොදා ගනිමින් සිටින බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles