Sunday, May 5, 2024

පකිස්තානයේත් විදුලි අර්බුදය උග්‍රවෙයි.

විදුලි කප්පාදුවට එරෙහිව පකිස්තානයේ ප්‍රදේශ ගණනාවක ජනතාව විරෝධතා ආරම්භ කර ඇති බව වාර්තා වේ.

රටේ අඛණ්ඩ විදුලි සැපයුම බිද වැටී ඇති බවත් ඒ සදහා අගමැති ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුව මෙන්ම විදුලි බලධාරීන් ද වගකිය යුතු බවත් කයිබර්පක්තුන්ක්වා පළාතේ උද්ඝෝෂණය සංවිධානය කර තිබූ තරෙයික් ඊ ලබායික් සංවිධානයේ නායනයෝ සදහන් කළහ.

පකිස්තානය මේ වනවිට දැවැන්ත බලශක්ති අර්බුදයකට මුහුණ දී සිටින අතර එරට ඉන්ධන මිල ඉතිහාසයේ පෙර නොවූ විරෑ අගයකින් ඉහළ ගොස් තිබීම හේතුවෙන් ජනතාවගේ දෛනික ජනජීවිතයට දැඩි බාධා මතුව ඇති බව පැවසේ.

මේ හේතුවෙන් පකිස්තාන විපක්ෂය අගමැති ඉම්රාන් ඛාන් ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සූදානම් වන අතර ඊට සමගාමීව රටපුරා විරෝධතා ද සංවිධානය කර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles