Sunday, May 5, 2024

බඩගින්නට විසදුම් සොයා ඉරානයට යන ඇෆ්ගනිස්තානුවෝ

ජීවිකාව සපයා ගැනීමට මාර්ගයක් නොමැති වීම හේතුවෙන් ඇෆ්ගනිස්තාන වැසියන් පන්දහසක් පමණ දෛනිකව ඉරානයට යන බව අනාවරණය වී තිබේ.

නිම්රෝස් ප්‍රාන්තයේ දේශසිමාව ඔස්සේ තුන්දහසකුත් හේරාට් ප්‍රාන්තයේ දේශසීමාව ඔස්සේ දෙදහසකුත් වශයෙන් දිනකට පන්දහසක් පමණ වන ඇෆ්ගන් වැසියන් නීත්‍යානුකූල ලෙස ඉරානයට යන බව ටොලෝ නිවුස් වාර්තාවද දැක්වේ.

නීති විරෝධීව ඉරානයට ඇතුළුවන ඇෆ්ගනිස්තාන වැසියන් ද තවත් විශාල පිරිසක් වන බව එම පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කරයි.

ඇෆ්ගනිස්තානයේ ආර්ථික අර්බුදය මේ වනවිට දරැණු තත්වයකට පත්ව ඇති අතර විරැකියාව සහ අධික භාණ්ඩ හා සේවා මිල හේතුවෙන් රට තුළ ජීවිකාව පවත්වා ගැනීමට අපහසු වී ඇති බව පැවසේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles