Friday, April 26, 2024

නිසි වෙලාවට තෙල් නෑ. ඉන්ධන නැව් 4ට ඩොලර් නැතිව ප‍්‍රමාද ගාස්තු කෝටි 6ක් ගෙවන්න වෙලා

ඉන්ධන රැගෙන කොළඹ වරායට පැමිණ තිබෙන නැව් හතරකට නිසි වේලාවට ගෙවීම් නොකර තෙල් බාගැනීම ප්‍රමාදවීම හේතුවෙන් අමතර ඩොලර් ලක්ෂ තුනක් (රුපියල් කෝටි 06ක්) ගෙවීමට සිදුව ඇතැයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ගණනය කර ඇත.

පසුගිය ජනවාරි 08 වැනි දා ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 බැගින් රැගෙන ආ නැවක්, 09 වැනි දා පැමිණි තවත් ‍ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් සහිත නැවක් මේ දක්වාම ඉන්ධන ගොඩබෑමකින් තොරව කොළඹ වරාය ආසන්නයේ නැංගුරම් ලා තිබේ.

පසුගිය ජනවාරි 11 වැනි දා පැමිණි පෙට්‍රල් මෙට්‍රික් ටොන් 30,000ක් රැගත් නෞකාවක පෙට්‍රල් ගොඩබෑම 14 වැනි දා ආරම්භ කර තිබිණි. එමෙන් ම 11 වැනි දා පැමිණි ගුවන් යානා තෙල් මෙට්‍රික් ටොන් 30,000ක් අඩංගු නැවකින් ද මෙතෙක් තෙල් ගොඩබෑම ආරම්භ කර නැත.

මෙරටට අවශ්‍ය ඉන්ධන ඇණවුම් කළත් ඉන්ධන ගොඩබෑම ආරම්භ කිරීමට නම් එම විදෙස් සමාගම්වලට අවශ්‍ය අදාළ ඩොලර් ප‍්‍රමාණය මුදාහැරිය යුතුය. නමුත් එම ප‍්‍රමාදයන් නිසා නෞකා වෙත නිකරුණේ ප‍්‍රමාද ගාස්තු ගෙවීමට සිදුව ඇතැයි තෙල් සංස්ථාව පවසයි.

‍මෙම තෙල් මිල දී ගැනීමේ ගනුදෙනුවලට අදාල මුදල් බැංකුවලට ගෙවනතුරු තෙල් ගොඩබෑම සිදුවන්නේ නැත.  

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles