Thursday, May 2, 2024

අගමැති ජනතාවගෙන් කරන ඉල්ලීම

කොරෝනා වසංගතය මැඩලීමට මේ මොහොත රටේ ජාතික ආපදාවක් ලෙස සලකා ජනතාව එකාමෙන් සහයෝගය දිය යුතුව ඇති බවත්, ජනතාව නිසි ලෙස සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම ඉතා වැදගත් බවත් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා මාධ්‍යයට ඊයේ (02 දා) පැවැසීය.

සමහරු දේශපාලන භේදයෙන් ලකුණු දමා ගැනීමට ක‍්‍රියාකරනවා මිස කොරෝනා මැඩලීමට සහාය ලබා දීමට ක‍්‍රියා නොකිරීමෙන් ඔවුන්ගේ සැබෑ අරමුණු පැහැදිලි බවද අග‍්‍රාමාත්‍යවරයා කීය.

මෙහිදී තවදුටත් කතා කළ අග‍්‍රාමාත්‍යවරයා මෙසේද කීය.

මේ මොහොතේ ආණ්ඩුව ගන්නා එක් එක් ක‍්‍රියාමාර්ග සමහරු විවේචනය කරනවා. ඔය විවේචනය පැත්තකට දාලා රට ගැන හිතලා ජනතාව වෙනුවෙන් කොරෝනා මැඩලීමට ක‍්‍රියාකළහොත් කාටත් ආදර්ශයක්. රටේ මේ වගේ ප‍්‍රශ්නයක් උද්ගත වූවිට දේශපාලන වාසි ලබා ගැනීමට කටයුතු කිරීම සුදුසු නෑ. මේ අවදානම් මොහොතේ කොරෝනා මැඩලීම සඳහා දිවා රෑ දෙකේ කැපවීමෙන් ක‍්‍රියාකරන අපේ වෛද්‍යවරු, සෞඛ්‍ය නිලධාරීන්, ආරක්‍ෂක හමුදාවන් පොලිස් නිලධාරීන් ඇතුළු රජයේ නිලධාරීන්ගෙන් සිදුවන සුවිශේෂී සේවය කාටත් ආදර්ශයක්.

එමෙන්ම, ජනතාවත් සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස ක‍්‍රියාත්මක කළ යුතුයි. මේ මොහොත දේශපාලන අරමුණු වෙනුවෙන් කටයුතු කරන වේලාවක් නොවෙයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles