Saturday, May 4, 2024

අද හඳුනා ගත් ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වූ ශ්‍රී ලාංකිකයා පිළිබඳ වැඩිදුර තොරතුරු මෙන්න

කොවිඩ් ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිත ශ්‍රී ලාංකිකයා නොවැම්බර් 24 වන දින දිවයිනට පැමිණි අයෙකු බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කරනවා.

එම පුද්ගලයාගේ සමීප ආශ්‍රිතයන්ගේ ජාන විශ්ලේෂණ පරීක්ෂණ සඳහා සාම්පල් අද (03) දිනය තුළ ලබා දෙන බව වසංගත රෝග මර්දන ඒකකය දැනුම් දුන් බවද ඔහු කියා සිටියා.

ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිත ශ්‍රී ලාංකිකයා නයිජීරියාවෙන් ගමන් ආරම්භ කර ඇති බවත් නොවැම්බර් 24 වන දින දිවයිනට පැමිණ ඇති බවත් ඔහු නිරෝධායන කාලය අවසන් කරමින් සිටින අයෙකු බවත් ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසුවා.

මෙම පුද්ගලයා කොවිඩ් මර්දන එන්නත් ලබා නොගත් පුද්ගලයෙකු බවත් හෙළිව තිබෙනවා.

මේ අතර ඔමික්‍රොන් ආසාදිතයෙකු හඳුනා ගැනුන ද ජනතාව අනිසි බියක් ඇති කර ගත යුතු නැතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් කොළඹදී අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා.

ඊට එක්වෙමින් අදහස් දැක් වූ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ, කියා සිටියේ ඔහුගේ ආශ්‍රිතයින් නිරෝධානයට ලක් කර ඇති නිසා ඔහුගෙන් කිසිදු බලපෑමක් නොමැති බවත් පැවසීය.

මේ අතර දකුණු අප්‍රිකාවෙන් මුල්වරට සොයාගැනුණු ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය නැවත ආසාදනය වීමේ හැකියාව ඩෙල්ටා හෝ බීටා ප්‍රභේදවලට සාපේක්ෂ ව තුන් ගුණයක් ඉහළ බව අනාවරණ වී තිබෙනවා.

දකුණු අප්‍රිකානු විද්‍යාඥයින් පිරිසක් මේ බව ප්‍රකාශ කළේ, එරට කොරෝනා වෛරස් දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරුවයි.

මෙය, ඔමික්‍රොන් ප්‍රභේදය, කොරෝනා ආසාදනය වූ පුද්ගලයෙකු ලබන ප්‍රතිශක්තිය මගහරින බවට ලද පළමු වසංගත රෝග විද්‍යා සාක්ෂිය ලෙස සැලකෙනවා.

ඔමික්‍රෝන් ප්‍රභේදය මේ වනවිට ලොව රටවල් 30කට පමණ ව්‍යාප්ත වී ඇති අතර, ඕස්ට්‍රෙිලියාවේ සිඩ්නි නුවරින් අද ප්‍රථම ඔමික්‍රොන් කොරෝනා ආසාදිතයා හඳුනා ගෙන තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles