Thursday, May 2, 2024

ආවේගශීලී වෙන්න එපා

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ ඝාතන සිද්ධිය මුල්කරගෙන ආවේගශීලීව කටයුතු නොකරන ලෙස උතුරේ තරුණ තරුණයින්ගෙන් මෙන්ම ජනතාවගෙන් ඉල්ලා සිටින බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් මහතා එංගලන්තයේ සිට නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි. මෙම සිදුවීම කෙරෙහි තමා බෙහෙවින් කනගාටුවට පත්වූ බව සඳහන් කරන විග්නේෂ්වරන් මහතා ඒ පිළිබඳ සිදුකෙරෙන නීතිමය ක්‍රියාදාමයන්ට ඉඩදී ඉවසීමෙන් යුතුව කටයුතු කළයුතු බවත් එසේ නොකළහොත් භයානක ඵලවිපාකවලට මුහුණදීමට සිදුවනු ඇති බවත් එම නිවේදනයේ සඳහන් කර ඇත.

නීතිය නිවැරැදිව ක්‍රියාත්මක වීමට සහය ලබාදී එය සිදුවන ආකාරය කෙරෙහි අවධාණයෙන් බලා සිටීම තම යුතුකම බවත් එම නිවේදනයෙන් විග්නේෂ්වරන් මහතා කියා සිටියි

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles