Monday, April 29, 2024

ඇමති කෙහෙළිය රඹුක්වැල්ල සදහා එන්නත් 3000 කෝටා එකක් දුන්නා.බොරු නම් නඩු දාන්න.


මීට පෙර මැති ඇමතිවරු විසින් පාර්ලිමේන්තුවෙදී මුදල් හිගයක් නොමැති බවත් අපි මේ රට ටොප් එකට ගෙනියන බවක් ප්‍රකාශ කලද මුදල් ඇමතිවරයා විසින් පාර්ලිමේන්තුව තුලදී රාජ්‍ය ආදායමේ ප්‍රශ්නයක් තිබෙන බවත් වෙළඳ ශේෂයේ අර්බුධයක් තිබෙන බවත් ණය ගෙවීම සදහා ඩොලර් හිගයක් තිබෙන බවත් පිළි ගැනීම තුලින් කයිවාරු ගැසූ ඇමතිවරුන් දැන් නිරුත්තර වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක පාර්ලිමේන්තුවේදී සදහන් කලේය.

මේ රටේ ව්‍යාපෘතියේ තරම තීරණය තරනු ලබන්නේ ඇමතිවරයාට ලැබෙන කොමිස් මුදල මත් බවත් මේ දේශපාලන සංස්කෘතිය වෙනස් නොකර රටක් ඉදිරියට ගෙන යා නොහැකි බවද අනුර කුමාර දිසානායක පැවසීය. එමෙන්ම කොවිඩ් වසංගතය මෙතරම් දරුනු වූයේ එය දේශපාලනී කරණය කිරීම තුලින් බවත් එන්ත්කරනයේදී ජයවර්ධනපුර රෝහලට ඇමති කෙහෙළිය රඹුක්වැල්ල සදහා එන්නත් 3000 කෝටා එකක් ලබා දුන් බවත් ලොව කිසිදු රටක මෙවැනි තත්වයක් නොමැති බවත් ඔහු මෙහිදී පැවසීය.

තමා මෙය ප්‍රසිද්ධියේ මාධ්‍ය හමුවක පවා සදහන්කර ඇති බවත් එසේ එන්නත් ලබා නොදුන්නේ නම් තමාට එරෙහිව උසාවියේ නඩු පවරන ලෙසත් තමා උසාවියේදී මුණ ගැසීමට සූදානම් බවත් මෙහිදී අනුර කුමාර දිසානායක පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles