Saturday, May 4, 2024

ඇවන්ට් ගාර්ඩ් ලොක්කා හදිසියේ “අසනීප“ වෙයි, මාධ්‍ය හමුවත් අවලංගුයි..!

අද දින (13) තලවතුගොඩ “මොනාච්“ හෝටලයේදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබියදී ඇවන්ට් ගාර්ඩ් ආයතනයේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා “අසනීප තත්ත්වයක්“ හේතුවෙන් වෛද්‍ය උපදෙස් මත අද මාධ්‍ය හමුවත් දින නියමයක් නැතිව කල්දමන ලදි.

එම ආයතනයේ ඉහල නිලධාරියෙක් මාධ්‍ය හමුව ආවරණයට පැමිණි මාධ්‍යවේදීන්ට පවසා ඇත්තේ වෛද්‍යවරු සේනාධිපති මහතාට ඇඳෙන් නොබසින ලෙසට දැඩිසේ අවවාද කර ඇති බවයි.

මෙම අසනීප තත්වයට හේතුව ඇවන්ට් ගාර්ඩ් ආයතනය නාවික හමුදාවට පවරන බවට රාජිත අමාත්‍යවරයා සිදුකරන ලද ප්‍රකාශය නොවන බවනම් ඉතා විශ්වාසය. ඒ මන්දයත් එම ප්‍රකාශයට පිළිතුරු දීමේ අරමුණින් මෙම මාධ්‍ය සාකච්ඡාව කැඳවන අවස්ථාවේ පවා සේනාධිපති මහතා ඉතා හොඳ සෞඛ්‍ය තත්වයෙන් සිටීමයි.

කෙසේ නමුත් මෙම හදිසි අසනීප තත්වයට හේතුව වී ඇත්තේ “සම්මුතියක්ද“ නැතිනම් “බලපෑමක්ද“ යන්න නුදුරු දිනකදීම එළිදරව් කිරීමට අපට හැකිවනු ඇත.

ජනරඟ දේවසුරේන්ද්‍ර

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles