Saturday, May 4, 2024

Hiloton අධ්‍යක්ෂකවරුන්ට ඉල්ලා අස්වෙන ලෙස අගමැති අණ කරයි!

හදිසියේම අරලියගහ මන්දිරයේ සාකච්ඡාවකට අගමැතිවරයා විසින් හිල්ටන් හෝටලයේ අධ්‍යක්ෂක මණ්ඩලයට දැනුම් දුන් අතර එහිදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නියෝගකර සිටියේ අධ්‍යක්ෂ මණ්ඩලයට වහාම ඉල්ලා අස්වන ලෙසටයි.

හිල්ටන් හෝටලයේ සභාපතිවරියවන සාගරිකා දෙල්ගොඩ මහත්මිය ඇතුලු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් පත්කරන ලද සියළුම අධ්‍යක්ෂකවරුන්ට මෙලෙස ඉල්ලා අස්වන ලෙස අගමැතිවරයා නියෝගකර ඇත.

මින් පෙර රවී කරුණානායක මහතා මුදල් ඇමතිවරයා ලෙස සිටින අවධියේ පාරිභෝගික සේවා අධිකාරියේ ඉහල නිලයක් දැරූ දෙල්ගොඩ මහත්මිය වත්මන් ආණ්ඩුව පැමිණීමත් සමගම රජය විසින් පාලනය කරන හිල්ටන් හෝටලයේ සභාපතිනිය ලෙස පත්කරන ලද්දේද රවී කරුණානායක අමාත්‍යවරයා විසින්ය.

එසේම ලිට්රෝ ගෑස් ආයතනයේ සභාපතිත්වයට රවී විසින් පත්කරනු ලැබූ ශෂීල් මුණසිංහ මහතාටද එම ධූරයෙන් ඉවත්වන ලෙස දැනුම් දී ඇති බව වාර්තාවේ.

මේ අතර ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සභාපති හේමංක අමරසූරිය,ලංකා හොස්පිටල්ස් අධ්‍යක්ෂක තීනියාවල පාලිත හෝ සාගල රත්නායක අමාත්‍යවරයාගේ ඥාතියෙක් වන රොහාන් විජේසුන්දරට මෙසේ ඉල්ලා අස්වන ලෙස නියෝගකර නැතිබවද රවී කරුණානායක මහතාගේ පාර්ශවයෙන් දැනගන්නට ලැබේ.

දිනෙන් දින උග්‍රවන රනිල්- රවී අර්බුදය තව තවත් නරක අතට හැරෙමින් පවතින්නේ අගමැතිවරයාගේ අත්තනෝමතික මැදිහත්වීම මත බව පැහැදිලිය.

සමගාමී පුවත්

රනිල් රවීට පලා බෙදයි

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles