Thursday, May 9, 2024

ඔිස්ට්‍රෙිලියාවත් ලංකාව මෙන් බංකොලොත් වනු ඇතැයි එරට ධනවත්ම කාන්තාවගෙන් අනතුරු ඇගවීමක්

අධික වියදම්වලින් යුතු සහ නියාමනය බොහෝ සෙයින් වැඩි රජයන් පවතින ශ්‍රී ලංකාව සහ ආර්ජන්ටිනාව වැනි රටවල් සේම, ඔිස්ට්‍රේලියාවත් සමෘද්ධියේ සිට දුප්පත්කමට ඇද වැටීමේ මාවතේම සිටින බව එරට ධනවත්ම කාන්තාව අනතුරු අඟවයි.

ඩොලර් බිලියන 31ක වත්කම්වලට හිමිකම් කියන ජිනා රයින්හාට් ඔස්ට්‍රේලියානු පතක් කර්මාන්තයේ පතාක යෝධයෙකි.

කීර්තිමත් රටක්ව පැවති ශ‍්‍රී ලංකාව මේ වන විට දරිද්‍රතාවයට ඇද වැටී ඇති බවත්, ඔස්ට්‍රේලියාවද වැරදි ආර්ථික ප‍්‍රතිපත්ති හේතුවෙන් වැඩිකල් නොගෙස් ලංකාව මෙන්ම දරිද්‍රතාවයට ඇද වැටෙනු ඇති බවත් එරට ධනවත්ම පුරවැසිනිය වන ජිනා රයින්හාර්ට් මහත්මිය පවසා තිබෙනවා.

ශ‍්‍රී ලංකාව දරිද්‍රතාවයට ඇද වැටුණේ සමාජවාදී ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක කිරීමට යාමෙන් බවයි ඇය පවසන්නේ.

ජනතාවට බොහෝ දේ නොමිලයේ ලබා දෙන බවට පොරොන්දු වීමේ දේශපාලන ප‍්‍රයෝගය හේතුවත් තේ වතු ඇතුළු කෘෂිකර්මාන්තයෙන් පොහොසත්ව තිබුණු ශ‍්‍රී ලංකාව, මේ වන විට එරට ජනතාවගේ ආහාර අවශ්‍යතාවය සපුරාලීමට පව නොහැකි රටක් බවට පත් ව ඇතැයි ඇය චෝදනා කරයි.

කුසගින්නට අමරතව, කතාකිරීමේ නිදහස ලංකාවේ ජනතාවට අහිමිව ඇති බවත්, රට තුළ ගැටුම් උත්සන්න ව ඇති බවත් – ජනතාව ඔවුන්ගේ සතුට අහිමිකරගෙන ඇති බවත්, හමුදාව සහ පොලිසිය ජන ජීවිතය මත අනවශ්‍ය ආකාරයට බලපෑම් කරන බවත් ඇය පවසයි.

ඔිස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය ටෝනි ඇබට්, නියෝජ්‍ය අගමැති බානාබි ජොයිස් සහ ප්‍රකට ගුවන්විදුලි නිවේදකයෙකු වන ඇලන් ජෝන්ස් ඇතුළු ප්‍රමුඛ මධ්‍ය දක්ෂිනාංශික චින්තකයන්ගේ අදහස් ඇතුළත් “ඔස්ට්‍රේලියා ටුමෝරෝ” නම් කෘතිය සඳහා ඇය ලියූ පරිච්ඡේදයක මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත.

“පරම්පරාවෙන් පරම්පරාවට අපේ දරුවන්ට යහපත් රටක් ලබා දීමට අපට අවශ්‍යයි. කණගාටුවට කරුණ නම් වර්තමාන පරම්පරාවන් සඳහා මෙය විශේෂයෙන් අවදානමට ලක්ව තිබීමයි. අප අතර සිටින තරුණ පරම්පරාවට එය අවශ්‍ය නැති බව හැඟෙනවා.” ඇය සඳහන් කර තිබේ.

රයින්හාර්ට් එරට ෆෙඩරල් රජයෙන් ඉල්ලා සිටියේ, පසුගිය වසරේ වාර්තාගත අයවැය හිඟය ඩොලර් බිලියන 167ක් ඉක්මවා ගොස් ඇති බැවින්, බොහෝ දුරට වසංගතයේ අගුලු දැමීම් නිසා අබලන් වූ ආර්ථික බලපෑම මඟහරවා ගැනීමට නම් අධික වියදම්වලට නොගොස් ඉදිරි වසරවලදී දැඩි මූල්‍ය විනයක් පෙන්විය යුතු බවයි.

“අතීතයේදී කෘෂිකර්මාන්තයෙන් සමෘද්ධිමත් වූ රටක් වන සිලෝන් (ශ්‍රී ලංකාව) අද දුගී රටක් බවට පත්වුණේ, “මේක නිදහස් කරන්න”, “අරක නිදහස් කරන්න” කියමින් දේශපාලඥයන්ගේ වදන් නිසා බදු ගෙවන්නන්ගේ මුදල් නිරපරාදයේ නාස්ති වූ නිසයි. ඒ වෙනුවට කුසගින්න, කැරලි කෝලාහල, දේපල හානි, ජනතාවගේ අසතුට ආදී බොහෝ ප්‍රශ්නවලින් අද ඒ රටේ මිනිසුන් පීඩා විඳිනවා.” ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත.

මේ වසරේ මැයි මාසය දක්වා ගත වූ මාස හය තුළදී රයින්හාර්ට්ගේ වත්කම් ඩොලර් බිලියන 2.2කින් ඉහළ යෑමට යකඩ ලෝපස් මිල ඉහළ යෑම හේතු වී ඇත. ඇය ආර්ජන්ටිනාව වෙතද ඇඟිල්ල දිගුකරමින් පැවසුවේ 1913 දී ලොව දසවැනි ධනවත්ම රට වූ ආර්ජන්ටිනාවද දැන් දේශපාලන අස්ථාවරත්වය, උද්ධමනය, දැවැන්ත රජයන් නිසා දරිද්‍රතාවයේ පතුලටම ඇද වැටී ඇති බවයි.

ආර්ජන්ටිනාවේ තත්ත්වයද මෙයට සමාන බව පවසන ජිනා රයින්හාර්ට්, ඕස්ටේ‍්‍රලියාවද එම මාවතේම ගමන් කරමින් සිටින බවට චෝදනා කරයි.

ඇය ඔස්ට්‍රේලියාවට අනතුරු ඇඟවා තිබුණේ, ශ්‍රී ලංකාව සහ ආර්ජන්ටිනාව මෙන් ඒ අගාධයට නොවැටෙන ලෙසය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles