Saturday, May 11, 2024

ගිරිතලේ හමුදා කඳවුර සීල් තබයි..

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන්වීමේ සිද්ධියට අදාල පරීක්ෂණ කටයුතු විධිමත්ව කරගෙන යාම වෙනුවෙන් ගිරිතලේ යුද හමුදා කඳවුර සීල් තබන ලෙස හමුදාපතිවරයා උපදෙස් ලබාදී ඇත.

හෝමාගම මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන්වීමේ නඩුව සම්බන්ධ පරීක්ෂණ අතරතුර අදාල ගිරිතලේ බුද්ධි අංශ මෙහෙයුම් මධ්‍යස්ථානයේ අණදෙන නිලධාරියා අත්අඩංගුවට ගැනීමත් සමගම අදාල කඳවුර සීල් තබන ලෙස හමුදාපති ක්‍රිෂාන්ත ද සිල්වා මහතා දැනුම්දී ඇත.

මේ වනවිට ගිරිතලේ කඳවුර යුද හමුදා පොලීසිය විසින් පාලනය කරන අතර එක්නැලිගොඩ අතුරුදහන්වීමේ සිදුවීම සම්බන්ධ පරීක්ෂණ සිදුකිරීමට සහයවීම සඳහා යුද හමුදා මූලස්ථානයේ නීති අංශයේ විශේෂ කණ්ඩායමක් එම කඳවුර වෙත පිටත්කිරීම සිදුවණු ඇති බවට ආරංචි මාර්ග වාර්තා කරයි.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක වරයා පුවත් වෙබ් අඩවියක් වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත්තේ ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන්වීමේ සිදුවීමට සම්බන්ධව ගිරිතලේ කඳවුර වැදගත් සාක්ෂි සපයන ස්ථානයක් බවට හඳුනාගෙන  ඇති බැවින් එම කඳවුරේ කාර්යාල කිහිපයක් පරික්ෂා කිරීම සඳහා සීල් තැබීම සිදුකර ඇති බවයි.

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles