Sunday, May 5, 2024

ජනපති ශවෙින්ද්‍රට තවත් වගකීමක් පවරයි

හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානයක්” පිහිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් මෙය ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකාව හරිත රටක් බවට පත් කිරීම සඳහා හඳුනාගෙන ඇති ප්‍රමුඛතා ක්‍රමවත් ලෙස හා තිරසර ලෙස ඉටු කිරීමේ අරමුණින් මෙම මධ්‍යස්ථානය පිහිටුවීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත.

දැනට උසුලන කොවිඩ් මර්දන බළකායේ ප්‍රධානී ධුරයට අමතරව යුද හමුදාපතිවරයාට අලුතින් පිහිටුවීමට නියමිත හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ මූලිකත්වයද භාර දීමටයි ජනපතිවරයා තීරණය කර තිබෙන්නේ.

කොළඹ කොමර්ෂල් පොහොර සමාගම හා ලංකා පොහොර සමාගම ඒකාබද්ධ කර ජාතික කාබනික පොහොර හා බෙදාහැරීමේ සමාගම ලෙස ක්‍රියාත්මක කිරීම.

*ඝන හා දියර කාබනික පොහොර ප්‍රමිතියට අනුකූලව නිෂ්පාදනය සඳහා දිරිගැන්වීම.

*නිසි වේලාවට ගොවීන්ට පොහොර නොමිලේ ලබාදීම.

*දිස්ත්‍රික්කය තුළ පොහොර අවශ්‍යතාව සපිරීම.

*වී, බඩඉරිගු හා අනෙකුත් ධාන්‍ය, එළවළු පලතුරු නිෂ්පාදනය වේගවත් කිරීම

*හරිත කාෂිකර්මය සඳහා යෝග්‍ය ගුණාත්මක බීජ හා පැළ ප්‍රවර්ධනය දිරිගැන්වීම

*කෘෂිකර්ම වගා කටයුතුවලට සම්බන්ධ ඉහළ සිට පහළට සියලුම නිලධාරීන් සම්බන්ධීකරණය

*ආහාර භෝග නිෂ්පාදන බෙදාහැරීම

*කාබනික ආහාර පරිභෝජනය පිළිබඳ සෞඛ්‍ය අධ්‍යාපන හා සන්නිවේදන වැඩසටහන් ප්‍රවර්ධනය

පොහොර සමාගම් ඒකාබද්ධ කිරීම එය පිහිටුවනු ලබන්නේ රජයේ පොහොර සමාගම් 2 ඒකාබද්ධ කොටයි.

එසේ ඒකාබද්ධ කොට ජාතික කාබනික පොහොර හා බෙදාහැරීමේ සමාගම ලෙස කටයුතු කිරීමේ වගකීම මෙම මධ්‍යස්ථානයට පැවරෙනවා.

පැවරෙන වගකීම නිසි කලට ගොවීන්ට පොහොර නොමිලේ ලබාදීම මෙම ක්‍රියාන්විතයට පැවරෙන ප්‍රධාන වගකීම වනවා.

ඊට අමතරව ගණ හා දියර කාබනික පොහොර ප්‍රමිතියට අනුකූලව නිෂ්පාදනය කිරීම සඳහා දිරි ගැන්වීමේ වගකීමක් යුද හමුදාපතිවරයා යටතේ ඇති මෙම ක්‍රියාන්විත මධ්‍යස්ථානයට පැවරෙන අනිකුත් වගකීමද වනවා.

කොළඹ කොමර්ෂල් පොහොර සමාගම හා ලංකා පොහොර සමාගම ඒකාබද්ධ කර ජාතික කාබනික පොහොර හා බෙදාහැරීමේ සමාගම ලෙස ක්‍රියාත්මක කිරිම, ප්‍රමිතියට අනුකූලව ඝන හා දියර කාබනික පොහොර නිෂ්පාදනය සදහා දිරිගැන්වීම, ගොවීන්ට නිසි වේලාවට නොමිලේ පොහොර ලබාදීම, දිස්ත්‍රික්ක මට්ටමින් පොහොර අවශ්‍යතාව සපිරීම, වී, බඩ ඉරිගු හා අනෙකුත් ධාන්‍ය, එළවළු, පලතුරු නිෂ්පාදනය වේගවත් කිරීම, හරිත කාෂිකර්මය සඳහා යෝග්‍ය ගුණාත්මක බීජ හා පැළ ප්‍රවර්ධනය දිරිගැන්වීම, කෘෂිකර්ම වගා කටයුතුවලට සම්බන්ධ සියලුම නිලධාරීන් සම්බන්ධීකරණය, ආහාර භෝග නිෂ්පාදන බෙදාහැරීම, කාබනික ආහාර පරිභෝජනය පිළිබඳ සෞඛ්‍ය අධ්‍යාපන හා සන්නිවේදන වැඩසටහන් ප්‍රවර්ධනය ඇතුළු කාර්යයන් සඳහා මෙම ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රමුඛතාවය දිය යුතු බවට ද ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.

දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත සමාජ අර්ථිකයක් බවට ශ්‍රී ලංකාව පත්කිරීම සම්බන්ධයෙන් පිහිටුවා ඇති ජනාධිපති කාර්ය සාධක බලකායන් දෙක සමග අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු කිරීම ද මෙම ක්‍රියාන්විත මධ්‍යස්ථානයට පවරා ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් සෑම දෙසතියකට වරක්ම පැවැත්වීමට සැලසුම් කර ඇති ජාතික හරිත ආර්ථික මණ්ඩලය  සංවිධානය කිරීමට සැලසුම් කිරීමේ වගකීම ද හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මාධ්‍යස්ථානයට පැවරෙන බව එම මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles