Saturday, May 4, 2024

ඩොලර් නොගෙවීම නිසා ශ්‍රී ලංකාවට භාණ්ඩ දෙන්න විදෙස් සමාගම් මැලි වෙයි

ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ආහාර ඇතුලු භාණ්ඩ ලබාදෙන ආයතන, මෙරටට භාණ්ඩ ලබාදීමට යම් මැලිකමක් දක්වමින් ඇතැයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් පවසනවා. ඔවුන් පවසන්නේ ලබාගත් භාණ්ඩ වෙනුවෙන් නිසි පරිදි ඩොලර් ගෙවීම් නොකිරීම ඊට හේතු වී ඇති බවයි.

මේ සමඟම තමන් ද ඇතැම් ඇණවුම් සිදුකිරීම තාවකාලිකව නතර කර ඇති බවද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් පැවසුවා. මුදල් ලබාදෙනතුරු ඇණවුම් ලබාදීම අදාළ සමාගම් නතර කර ඇති බවයි ඔවුන් කියා සිටියේ.

මේ අතර ඩොලර් නොගෙවීම හේතුවෙන් වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුලු බහාලුම් නිදහස් කර ගැනීමේ කටයුතු තවමත් නිසි පරිදි සිදු නොවන බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න පවසනවා.

ඔහු පවසන්නේ වෙළඳ අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවෙන් ද නිසි විසදුමක් නොලැබුණු බවයි. බහාලුම් නිදහස් කර ගැනීම සඳහා දෙසැම්බර් 31 වනදායින් පසු විසදුමක් ලබාදෙන බව එහිදී ප්‍රකාශවූ බවයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් නෙත් නිවුස් වෙත කියා සිටියේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles