Monday, May 6, 2024

දවල්ට හොරකමේ ගිය නුවර හොරු කොටු

දිවා කාලවලදී සූක්ෂම අයුරින් නිවාසවලට ඇතුලත්වී විදුලි උපකරණ ඇතුලු භාණ්ඩ සොරාගත් සොර කල්ලියක් මහනුවර මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශය මගින් ඊයේ (19) අත්අඩංගුවට ගෙන තිබේ.
මහනුවර අවට සුපිරි නිවාසවලට ඇතුලත් වී  රූපවාහිනී යන්ත්‍ර, කැමරා, ලැප්ටොප් වර්ගයේ පරිගණක, ජංගම දුරකථන, පිත්තල පහන් ඇතුලු රුපියල් ලක්ෂ පනහකට අධික වටිනාකමින් යුතු භාණ්ඩ වර්ග රැසක් මෙම කල්ලිය විසින් සොරාගෙන වෙනත් පුද්ගලයන් වෙත අලෙවි කර තිබේ.
අපරාධ විමර්ශන අංශයට ලැබුණු තොරතුරක් මත කරන ලද විමර්ශනවලදී මෙම සොර කල්ලියේ සිව් දෙනෙකු ඔවුන් ගමන් කරන ත්‍රීරෝද රථය සමගින් අත්අඩංගුවට ගෙන තිබේ. එමෙන්ම භාණ්ඩ මිලදී ගැනීමට සම්බන්ධ තවත් එකළොස්දෙනෙකු ද පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
සොර කල්ලියට අයත් මෙම පිරිස පොල්ගොල්ල, මැණික්හින්න, මඩවල හා ගුන්නෑපන යන ප්‍රදේශවල පදිංචිකරුවන් වෙති. මොවුන් අරුප්පොල, මාවිල්මඩ, මහයියාව ඇතුලු මහනුවර අවට ප්‍රදේශ රැසක දීර්ඝ කාලයක සිට මෙම සොරකම් කිරීමෙහි නිරත වී සිට ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර අපරාධ විමර්ශන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර සැකරුවන් හා භාණ්ඩ මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඊයේ(19)  ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.  ලක්බිම 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles